මහින්ද යාපා දේශපාලනයෙන් සමුගනියි!

Date:

කොළඹ LNW:හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන එළැඹෙන මහමැතිවරණය සදහා තරඟ නොවදින බව ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ දේශපාලන දිවියට මේ වනවිට වසර 43ක් සපිරෙන අතර ඔහු අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව කටයුතු කරන ලදී.

කෙසේවෙතත් පසුගිය කාලය තුළ කථානායක ලෙස කටයුතු කිරීමේදී ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් විවිඑචන එල්ල වුණු අතර අබේවර්ධන මහතා දැන් පවසන්නේ වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් තමන් දැඩිව කළකිරීමට පත්ව සිටින බවයි.

අවසන් වුණු ජනාධිපතිවරණ ජන්ද විමසීමෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කිරීමෙන් පසු පරාජිත කණ්ඩයම් දේශපාලනිකව පසුබෑමක් පෙන්නුම් කරමින් සිටින අතර හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාද පවසා තිබුණේ තමන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවන බවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්තානයට බලපෑ භූමිකම්පාව හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 20 දක්වා ඉහළට(update)

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : උතුරු ඇෆ්ගනිස්ථානයේ...

දුම්රිය සහ ඉංජිනේරු සංස්ථාවේ හිටපු ලොක්කෝ දෙන්නෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

කොළඹ LNW: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරීවරයෙකු වූ...

East India Holdings උතුරේ ආර්ථිකය නගාසිටුවීමට අතහිත දෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : කලාපීය සංවර්ධනය සඳහා...