CIDය නැවතත් පියුමිගේ වත්කම් ගැන හොයයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නැවත වතාවක් ප්‍රශ්න කර තිබේ.

ඒ, ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර් රථයක් සම්බන්ධයෙනි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථයක් අත් අඩංගුවට ගෙන තිබුණු අතර ඔහු එය පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ වී තිබිණි.

ඒ අනුව එම මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඊයේ (04) උදෑසන 09.00 ට පියුමි හංසමාලිව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබුණු අතර එහිදී ඇයගෙන් පැය 09ක පමණ කාලයක් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

මීට පෙර ද අවස්ථා කිහිපයකදී ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය වෙත කැඳවා ඇය අධික ලෙස මුදල් උපයාගෙන ඇති ව්‍යාපාර පිළිබඳව ප්‍රශ්න කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...