*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

සම්මේලනයයි අමාත්‍යංශයයි උසාවියේදී එකඟ වෙයි.ඒත් 17 න් පහළ කණ්ඩායම ගෙදර යයි

ශ්‍රී ලංකාවේ පාපන්දු පරිපාලනයේ අක්‍රමිකතා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා පදනම් කරගෙන අධිකරණය දක්වා ඇදී ගිය කරුණු නිවැරදි කරගෙන නිලවරණය පැවත්වීම සඳහාත්,ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ ගැසට් නිවේදනය පසුගිය කාලයේ බොහෝ නිකුත් කළ ගැසට් මෙන් නැවත කැදවීමටත් අධිකරණයේදී පාපන්දු සම්මේලනය සහ ක්‍රීඩා අමාත්‍යංශය එකඟතාවයකට එළැඹ ඇත.අධිකරණයට එම එකඟතාවයට අනුව ඔක්තෝම්බර් 11 වන දා ට පෙර අමාත්‍යංශය විසින් පාපන්දු නිලවරණය පවත්වන දිනය අධිකරණයට දැණුම් දීමට නියමිතය.එසේම නිලවරණය පැවත්වෙන තෙක් පාපන්දු පරිපාලනය පංච පුද්ගල කමිටුවක් වෙත පැවරීමටද මෙහිදී දෙපාර්ශවයම අධිකරණයේදී එකඟතාවයකට පැමිණ තිබේ.

මේ අතර අද (ඔක්තේම්බර් 5) උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් හී ඇරඹෙන අවුරුදු 17 න් පහළ 2023 අසියානු තරඟ සඳහා සුදුසුකම් ලැබීමට තරග කිරීමට ජේ කාණ්ඩයෙන් දකුණු කොරියාව,උස්බෙකිස්තානය සහ බෘනායි කණ්ඩායම් සමඟ තරග කිරීමට සිටි ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියට සහභාගි වීමට නොහැකි වී ඇත.ඒ එම කණ්ඩායම සඳහා ගුවන් ප්‍රවේශපත් නොමැතිවීම නිසාය.කිසිදු ආයතනයක බලධාරියෙක් ඒ සඳහා ඉදිරිපත් නොවීම නිසා සංචාරය අවලංගු කර ක්‍රීඩකයින්ට නිවසට යන්න කියූ බව කණ්ඩායම් පුහුණුකරු අරුණ සම්පත් මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

කණ්ඩායමට සුදුසුකම් ලබා සිටි ඇතැම් දරුවන්ට දෙමව්පියන් තමන් සන්තකයේ සිට එකම රත්තරන් බඩුව උගසට තබා ගමන් බලපත්‍ර සාදා දුන් බව කියූ අරුණ සම්පත්,යළිත් ඉන් කී දෙනෙක් මේ කළකිරිම මත පාපන්දු ක්‍රීඩාවේ ඉදිරියටත් නියැලේද යන්න සැක සහිත බව ද පැවසීය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan