ජපන් යන අතරේ අර්ජුන මහේන්ද්‍රන් එක්ක කෑම ගත්තාද ? – ජනපති රනිල්ගෙන් පිළිතුරු

Date:

පසුගියදා තමන් සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සමග දිවා ආහාරය ගත් බවට විපක්ෂය එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ඊයේ (04) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

මරික්කාර් – දැන් මේ පැත්තෙ හිටපු කට්ටිය ඔක්කොම කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මහබැංකු හොරා, අර්ජුන මහේන්ද්‍රන්ව ගෙනාවෙ එයා, අරක මේක කියලා. අන්න ජපානෙ යන ගමන් ජනාධිපතිතුමා ගිහිල්ලා පැය 6ක් සිංගප්පූරුවේ හිටියා. පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමතිවරයා හම්බුණා කියලා. නමුත් අපට තියෙන වාර්තා අනුව නම් ජනාධිපතිතුමා ජපානෙ යන ගමන් සිංගප්පූරුවෙන් බැහැලා දවල් කෑම කාලා තියෙන්නෙ මහබැංකු මංකොල්ලයට වගකියලා පැනලා ගිහින් ඉන්න අර්ජුන මහේන්ද්‍රන් එක්ක කියලා පැහැදිලිව කියන්න ඕනෙ …

ජනපති රනිල් – “මගේ නම සඳහන් කළා, මම අර්ජුන මහේන්ද්‍රන් මහතා එක්ක සිංගප්පූරුවේදී දවල් කෑම ගත්තා කියලා. මම කියන්න කැමතියි උදේ වරුවේ ඒ ඇමතිතුමා එක්ක උදේ කෑම ගත්තා. අපි දවල් කෑම ගත්තේ මම සිංගප්පූරු ගුවන් සේවයේදී. මොකද මම 01.00 ට යන්න තිබුණෙ. එකට ගුවන් යානයට නැග්ගායින් පස්සේ ඒ වෙලාවෙ තමයි කෑම ගත්තේ. ඕනෙ නම් මම මෙනූ එකත් ගෙනත් පෙන්වන්නම් මොනවද එදා ගත්තෙ කියලා. ඒ නිසා මම කණගාටුවෙනවා මරික්කාර් මන්ත්‍රීතුමා මෙහෙම අසත්‍යය ප්‍රකාශයක් කරපු එකට. අනිත් අතට මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය තමයි එකතුවෙලා අරගලයට එන්නෙ, දැන් විශාල අර්බුදයක්, අරගලයක් එනවා කියලා. මේක මීට ඉස්සෙල්ලා කිව්වෙ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය. මම කැමතියි දැන් දෙන්නාම එකම ප්‍රකාශයක් කරන එක ගැන. මම මේකට එකඟ වෙන්නෙ නෑ, අඩුගාණෙ දැන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණියගේ අඩිපාරේ මරික්කාර් මන්ත්‍රීතුමා යනවා කියලා අපට පේනවා”

මරික්කාර් – මම දැක්කෙ නැති එකක් තමයි මම කිව්වේ. මාධ්‍යයේ පළවෙලා තිබ්බ එකක්. ඉක්බාල් අතාස් කියන මාධ්‍යවේදියා ලියලා තිබුණ එකක්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වොලිබෝල්වල හෙට දවසට වටිනාම dialog එක මහඋස්වැවටයි දෙබැඟමටයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 04,  කොළඹ LNW: ශ්‍රී ලංකා වොලිබොල් සම්මේලනයේ මඟ...

කාන්තාවන්ට දොර ඇරෙන දුම්රියේ තනතුරු!

කොළඹ LNW:ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ තනතුරු කිහිපයක් සඳහා කාන්තා...

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...