බෝඩ්ලෑලි ජාත්‍යන්තර ගුවන් තොටුපල චොකා මල්ලිට !

Date:

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවති පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල (රත්මලාන) ඇතුළු සංවර්ධනය සඳහා හඳුනා ගත් සියලු ගුවන් තොටුපල වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර තිබෙනවා.

කැබිනට් අමාත්‍ය නිමල් සිරිපාල මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙම ගුවන් තොටුපලවලට අමතරව කන්කසන්තුරේ වරාය, ඔලුවිල් වරායද රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයාට සහාය ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන වගකීමකි.

වරාය, නාවික හා ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතායි.

යහපාලන රජය සමයේදී පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කළ අතර ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රත්මලාන ගුවන් තොටුපල කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල නමින් යළි විවෘත කෙරිණි. කෙසේ නමුත් මෙම ගුවන් තොටුපල දෙකම නමට පමණක් ජාත්‍යන්තර වන අතර කිසිදු රටක් සමග ගුවන් ගමන් සබඳතා ක්‍රියාත්මක නොවේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...

ටැන්සානියාවට ඇඳිරි නීතිය: අන්තර්ජාල සබඳතාද අවහිර කරයි.

රෂිකා හෙන්නායක 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දින 3ක් පුරා...

අලුත් නියෝජ්‍ය ඇමතිලත් පාර්ලිමේන්තු ඉන්ධන දීමනාව එපා කියයි!

කොළඹ LNW:මෑතකදී පත් කෙරුණු නියෝජ්‍ය අමාත්‍යවරුන් හය දෙනාද පාර්ලිමේන්තු...