බෝඩ්ලෑලි ජාත්‍යන්තර ගුවන් තොටුපල චොකා මල්ලිට !

Date:

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ මෙතෙක් පැවති පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල, කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල (රත්මලාන) ඇතුළු සංවර්ධනය සඳහා හඳුනා ගත් සියලු ගුවන් තොටුපල වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යංශය යටතට පත්කර තිබෙනවා.

කැබිනට් අමාත්‍ය නිමල් සිරිපාල මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව මෙම ගුවන් තොටුපලවලට අමතරව කන්කසන්තුරේ වරාය, ඔලුවිල් වරායද රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වනු ඇත.

මීට අමතරව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය යටතේ ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරයාට සහාය ලබාදීම රාජ්‍ය අමාත්‍යවරයාට පැවරෙන වගකීමකි.

වරාය, නාවික හා ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර මහතායි.

යහපාලන රජය සමයේදී පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කළ අතර ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී රත්මලාන ගුවන් තොටුපල කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල නමින් යළි විවෘත කෙරිණි. කෙසේ නමුත් මෙම ගුවන් තොටුපල දෙකම නමට පමණක් ජාත්‍යන්තර වන අතර කිසිදු රටක් සමග ගුවන් ගමන් සබඳතා ක්‍රියාත්මක නොවේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...