බුම්රාගේ තැන තවම හිස්!

Date:

මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ආබාධයක් නිසා ඉවත් කළ ජස්ටින් බුම්රාගේ ස්ථානයට පත් කරන්නේ කවුරුන්ද යන්න ඉන්දියාව මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.වෙනස්ම ඉරියව්වකින් පන්දු යවන බුම්රා දරුණු යෝකර් පන්දු යොමු කරන්නෙක් සේ ම වේගයෙන් පන්දුව යැවීමේ හැකියාව සහිත කෙනෙක් ද වෙනවා.
බුම්රාගේ අවශ්‍යයතාවය හොඳින්ම කණ්ඩායමට දැනෙන එකක් බැවින් ඔහුව ඉවත් කිරීමේ තීරණයට පෙර ඉන්දියාව කණ්ඩායමේ රඳවා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.ඉන් අනතුරුව ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර තවමත් 28 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නායකත්වය පවා ලබා දී ඇති බුම්රා වෙනුවට යෙදවන ක්‍රීඩකයා සම්බන්ධයෙන් ඉන්දියාව මේ දක්වා තීරණයක් ගෙන නැහැ.

බොහෝ විට පළපුරුදු මොහොමඩ් සාමී ඒ සඳහා යොදා ගන්නට ඉඩ තිබෙන බව ඇතැමුන්ගේ මතය වුවත්,මනා දෝලනයක් සහිත වේග පන්දු යවන්නෙක් වන තරුණ දීපාක් චාහර් ගැන ද මත පළවෙනවා.මේ දෙදෙනාම සංචිතයේ පොරොත්තු ලේඛණයේ රැදි සිටින ක්‍රීඩකයින් වන අතර තවත් වේග පන්දු යවන්නෙක් වන මොහොමඩ් සිරාජ් ද ඒ හිස් තැනට අලුතෙන්ම කැදවීමට ඉඩ තිබෙන බවත් ඇතැම් අය පෙන්වා දෙනවා.

කෙසේ හෝ ඉන්දියාවට මේ හිස් තැනට අදාළ ආදේශය සඳහා ඔක්තෝම්බර් 15 වන තෙක් ඉවසා සිටින්නට තරගාවලියේ නීති රීති ඇතුළේ තිබෙන ඉඩ ඔවුන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගනු ඇතැයි විශ්වාස කළ හැකියි.මන්ද බුම්රා යනු මේ මොහොතේ 20/20 පිටියේ පරමාදර්ශි ක්‍රීඩකයෙක් හැටියට විශාල අවධානයක් දිනා සිටින අයෙක්.තරග 60 දී කඩුලු 70 ක් එකතු කරගෙන සිටින බුම්රා නිලකුණු පන්දු යැවීමේදි දක්වන සමත්කම මෙන්ම ඔහු අත කරකවන ආකාරයේ සුවිශේෂීකම නිසා පිතිකරුවන්ට පන්දුව කියවා ගැනීමේ දුෂ්කරතාවකට මුහුණ දිමට සිඳුවීමත් අතිශයින් වැදගත්. ඒ නිසා ඔවුන් බුම්රාගේ හිස් තැන ගැන තව දුරටත් සිතමින් අධ්‍යයනය කරමින් හොඳම තීරණය ගැනීම සඳහා කල් ගන්නා බව සිතිය හැකියි.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටාර් වෙනුවෙන් එල්ල කළ රාජකීය ප්‍රහාරය

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිකට් කණ්ඩායම...

සත්කාරකයා ඉදිරියේ විරේන් පසු බසියි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: මෙවර බැඩිමින්ටන් ලෝක කුසලාන තරගාවලය...

වගා හානි සඳහා වන්දි ගෙවීම කඩිනම් කෙරේ!

රෂිකා හෙන්නායක අගෝස්තු 28, කොළඹ LNW : ගෙවුණු මහ...

ක්‍රීඩකයින් රකින සහ සහය කාර්ය මණ්ඩල රකින රක්ෂණ වැඩ පිළිවෙල තෙවන වසරටත් ක්‍රියාත්මකයි

නිශ්මං රණසිංහ අගෝස්තු 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු...