*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජනපති රනිල් අර්ජුන මහේන්ද්‍රන්ව හමුවුණත් එහි ඇති වරද කුමක්ද ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ජපානය බලා යන අතරේ සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා හමුවී ඔහුත් සමග දිවා ආහාරය ද රැගෙන ඇති බවට චෝදනාවක් ඊයේ (04) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා විසින් එල්ල කළ අතර ජනාධිපතිවරයා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූයේය.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට ගතයුතු දෑ දහසකුත් එකක් තිබියදී ජනාධිපතිවරයා මහා අපරාධයක් කළ බවක් පෙන්වමින් තමනුත් තොරතුරු නොදන්නා කරුණක් පිළිබඳව මරික්කාර් මන්ත්‍රීවරයා මෙතරම් ආන්දෝලනයක් ඇති කරන්නේ ඇයි ?

මේ ගැන විමසීමේදී තවත් මූලික ප්‍රශ්න කිහිපයක් කෙරෙහි අවධානය යොමු කළයුතු වේ.

ඒ, අර්ජුන මහේන්ද්‍රන් යනු කවුද ? ඔහු කර ඇති වරද කුමක්ද ? ජනාධිපතිවරයා ඔහුව හමුවුණේ නම් එහි ඇති වරද කුමක්ද ? යන ප්‍රශ්න ය.

යම්හෙයකින් අර්ජුන් මහේන්ද්‍රන් යනු අධිකරණයකින් වරදකරුවකු බවට තීරණය කළ අපරාධකරුවකු (Convicted criminal) වූයේ නම් ජනාධිපතිවරයාට ඔහුව හමුවීමට නොහැකිය.

එවැන්නෙකු පවා හමුවීම යමෙකුගේ පෞද්ගලික ක්‍රියාවක් වන නමුත් හරක් කටා, මාකඳුරේ මධුෂ්, තෙල් බාලා වැනි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ මිනීමරුවන් හමුවූයේ නම් එය ප්‍රශ්නයකි.

මෙතැනදී පැහැදිලිවම අර්ජුන මහේන්ද්‍රන් යනු එවැන්නෙකු නොවන අතර ඔහු අධිකරණයකින් වරදකරුවකු බවට තීරණය කළ අපරාධකරුවකු ද නොවේ.

නමුත් ලංකාවේ සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ ජනමාධ්‍ය තුළම නඩු අසා ජනමාධ්‍ය තුළින්ම තීන්දුත් දීම ය. ඒ ජනමාධ්‍ය නඩු කටයුතු සෘජුම දේශපාලනඥයින්ගේ වුවමනාව පරිදි, ඔවුන්ගේ සෘජු මැදිහත්වීම සහිතව සිදුකිරීම ය. එමෙන්ම ජනතාවගෙන් කොටසකුත් කිසිදු සොයාබැලීමකින් තොරව ඒවා පිළිගැනීම ය.

අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය ජාත්‍යන්තර රතු වරෙන්තුවක් ද ලබාගෙන තිබේ. නමුත් ඔහුට එරෙහිව රතු වරෙන්තුවක් ලබාගත්තේ කුමන නීතිමය ප්‍රතිපාදනය යටතේද යන්නත් ප්‍රශ්නයකි.

රතු වරෙන්තුව යනු වරෙන්තුවල ඇති ඉහළම වරෙන්තුව ය.

බොහෝවිට රතු වරෙන්තුවක් ලබාගන්නේ අධිකරණයකින් වරදකරුවකු බවට තීරණය කළ අපරාධකරුවකුට (Convicted criminal) හෝ වරදක් සිදුකර පළා යන අපරාධකරුවෙකුට (Fugitive criminal) එරෙහිව ය.

සාමාන්‍යයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්, ආයුධ වෙළඳාම, මුදල් විශුද්ධිකරණය, මිනිස් ජාවාරම් වැනි අපරාධවල නියැළුණු අයෙකුට එරෙහිව රතු වරෙන්තුවක් ලබාගත හැකි අතර ජාත්‍යන්තර පොලිසිය (Interpol) විසින් එය බලාත්මක කරන්නේ එම අපරාධකරු විසින් එම අපරාධය නැවතත් සිදුකිරීමේ අනතුරක් පවතින බවත් සලකා ය.

එහෙත් අර්ජුන මහේන්ද්‍රන් යනු මේ කිසිදු ගණයකට අයත් වන අයෙකු නොවේ. එසේනම් ශ්‍රී ලංකා පොලිසිය ඔහුට විරුද්ධව රතු වරෙන්තුවක් ලබාගත්තේ ඇයි ?

සාමාන්‍යයෙන් රතු වරෙන්තුවකට පෙර ලබාගත හැකි කහ වරෙන්තු, නිල් වරෙන්තු වැනි වරෙන්තු ද තිබේ. ශ්‍රී ලංකා පොලිසිය මේ සිද්ධියේදී කර ඇත්තේ පැහැදිලිවම ජාත්‍යන්තර රතු වරෙන්තුව අවභාවිතා කිරීමකි. මේවා තවමත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ අභියෝගයට ලක් නොවීම තුළත් ශ්‍රී ලංකා පොලිසිය සිතාගෙන සිටින්නේ තමන් නිවැරදියි කියා ය.

ඇත්තෙන්ම රතු වරෙන්තු තිබී ඒවා ඉවත් කරගත් මෙරට උදවිය පවා ජාත්‍යන්තර පොලිසියේ හෝ ශ්‍රී ලංකා පොලිසියේ එම ක්‍රියාදාමය ජාත්‍යන්තර අධිකරණයක් හෝ මෙරට අධිකරණයක් හමුවේ අභියෝගයට ලක් නොකිරීම පොලිසියේ මේ ක්‍රියාවට උල් පන්දම් දීමක් බවට පත්වේ. එයින් සිදුවන්නේ ශ්‍රී ලංකා පොලිසිය විසින් දිගින් දිගටම ජාත්‍යන්තර රතු වරෙන්තුව අවභාවිතා කිරීම ය.

මේවා නිවැරදි ලෙස අභියෝගයට ලක් කළහොත් ශ්‍රී ලංකාවට මෙවැනි රතු වරෙන්තු භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට පවා ජාත්‍යන්තර පොලිසිය පියවර ගැනීමේ හැකියාව පවතී.

හරක් කටා හෝ මාකඳුරේ මධුෂ් වැන්නන්ට එරෙහිව රතු වරෙන්තු ලබාගැනීම ගැන අප කිසිවක් කියන්නේ නැත.

නමුත් ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වූ පරිදි උදර්පණ නීති හරහා අර්ජුන මහේන්ද්‍රන්ව මෙරටට භාරදීමට සිංගප්පූරු රජය කටයුතු නොකළේ ඇයි ? පසුගිය රාජපක්ෂ රජය සමයේ මේ සම්බන්ධයෙන් එම රජයේ බලධාරීන් දැඩි උත්සාහයක් දැරූ නමුත් සිංගප්පූරු රජය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබිණි. එසේ වූයේ ඔවුන් මෙම සමස්ත සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකළ නිසා ය.

මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන දඩයමක් වශයෙන් ( political witch-hunt) ඔවුන් හඳුනාගත් නිසා ය.

මීට ඉතාම සරල උදාහරණයක් අපට සිහිපත් කළ හැකිය. 2018 වසරේදී මෙරට රහස් පොලිසිය අර්ජුන මහේන්ද්‍රන්ගේ නිවස වැටළීමට ගියේ සිරස රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදින් ද පිරිවරාගෙන ය. එය සිදුකර තිබුණේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව එවකට රහස් පොලිසියේ ප්‍රධානී රවී සෙනවිරත්න මහතාව හෝ දැනුවත් කිරීමක් නොකර ය. එම සම්පූර්ණ මෙහෙයුම හසුරුවා තිබුණේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වුවමනාව පරිදි එවකට සිරස මාධ්‍ය ජාලයේ අධිපති කිලී මහාරාජා විසිනි. ඔහු පුද්ගලිකවම එම ස්ථානය ආසන්නයේ සිටිමින් දුරකථනය ඔස්සේ විධාන දෙමින් කටයුතු කළ ආකාරය අපි ඒ දිනවල ඡායාරූප සහිතවම අනාවරණයකළෙමු.

දැන් කාටත් මේවා මතක නැත …. !!

තවත් බොහෝ දෑ මතක් කළ යුතුව තිබේ. ඒවා ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan