*
Saturday, October 12, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 10/05

  1. වහා ක්‍රියාත්මකවන පරිදි ලිට්රෝ ගෑස් ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල ඉහළ දමයි: කි.ග්‍රෑ 12.5 සිලින්ඩරයක් රු. 343 කින් රු. 3,470 දක්වා ඉහළට; කි.ග්‍රෑ. 05 සිලින්ඩරයක් රු.137 කින් රු. 1,393 දක්වා ඉහළට; කි.ග්‍රෑ. 2.3 සිලින්ඩරයක් රු. 63 කින් රු. 650 දක්වා ඉහළට.
  2. පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතට එරෙහිව සමඟි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.
  3. අධිකරණයට අපහාස කිරීමට වරදකරු වූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ලබා දුන් සමාව අභියෝගයට ලක්කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් ගොනුකළ පෙත්සම ඉදිරියට ගෙනයාමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දෙයි.
  4. “පෞද්ගලික සහ වෘත්තීමය කැපවීම්” තම ඉල්ලා අස්වීම ලබා දීමට (විදේශ අමාත්‍ය අලි සබ්‍රි ගේ සොයුරු) ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවායිස් මොහොමඩ් කටයුතුකළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
  5. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව තීනියාවෙල පාලිත හිමි විසින් ගොනුකළ පෞද්ගලික පැමිණිල්ල නිශ්ප්‍රභා කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ කටයුතු කරයි: බලධාරීන්ගේ නිසි අනුමැතියකින් තොරව එක්සත් ජනපදයේ පුද්ගලයකුට මහජන මුදල් ලබා දුන් බවට එම හිමි නම විසින් ගොනු කර තිබූ පැමිණිල්ලට අදාළව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම සහ කරුණු වසන්කර තිබීම මත එකී පැමිණිල්ල නිශ්ප්‍රභා විය.
  6. හිල්ටන් (Hilton), හයට් (Hyatt) සහ ලංකා හොස්පිට්ල්ස් (Lanka Hospitals) සඳහා ‘අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි’ යොමු කිරීම සඳහා ඉල්ලුම් කිරීම (REOI) ළඟදීම සිදුවන බව රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යූහගත කිරීමේ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ලයන් බෲවරි (Lion Brewery) සමාගමේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් ෂා පවසයි: ඉදිරි සති පහ ඇතුළත, ඉවත්කරනු ලබන රජය සතු ව්‍යාපාර 07 ක් සඳහා අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි යොමු කරන මෙන් ඉල්ලා සිටින බව ද පවසයි.
  7. හදිසි හා දැඩි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි ආහාර හිඟයක් පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අවධානය යොමුකරයි: ඉකුත් දිනවල ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කුඹුරු අක්කර 70,000කට ආසන්න ප්‍රමාණයක් සහ අස්වනු නෙලීමට සූදානම්ව තිබූ වගා බිම් අක්කර සිය ගණනක් විනාශ වී ඇති බව පවසයි.
  8. චීනයේ පැවති 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී (Asian Games 2023) ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා සහාය දිවීමේ කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනා ගනී: පිරිමි මීටර් 4×400 මිනිත්තු 3:02.55 ක කාලයකින් (නව ශ්‍රී ලංකා වාර්තාවකි) තරඟය අවසන් කරයි; කාන්තා මීටර් 4×400 මිනිත්තු 3:30:88 ක කාලයකින් (නව ශ්‍රී ලංකා වාර්තාවකකි) තරඟය අවසන් කරයි.
  9. තරුෂි කරුණාරත්න 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ (Asian Games 2023) මීටර් 800 කාන්තා ඉසව්වේ මිනිත්තු 2.03.20 ක කාලයකින් රන් පදක්කම දිනා ගනී: මෙය 2002 වසරෙන් පසු ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා ඉසව්වෙන් දිනූ පළමු රන් පදක්කමයි.
  10. 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ දී (Asian Games 2023) ශ්‍රී ලංකාව ක්‍රිකට් පදක්කම් තරඟයෙන් ඉවතට: ඇෆ්ගනිස්තානයට එරෙහිව කාර්තු අවසන් තරඟය ලකුණු 8 කින් පරාජය වෙයි: ඇෆ්ගනිස්ථානය – 116 (පන්දුවාර 18.3); ශ්‍රී ලංකාව – 108 (පන්දුවාර 19.1).

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan