මඩේ එරුනු අලි පැටවා බේරා ගත් මෙහෙයුම

Date:

තිසර සමල්

අනුරාධපුර (LNW): මඩේ එරුනු වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ ගැනුනා. කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී වන අලි පැටවකු ඊයේ (04) දින හමුව තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ගනේවල්පොල වනජීවී නිලධාරීන් හා අනුරාධපුර පශුවෛද්‍ය නිලධාරීන්, ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව වන අලියා ගොඩගැනීමට මෙහෙයුමක් ආරම්භ කලා.

එම වන අලි පැටවා තරමක දුර්වල මට්ටමක සිටීම නිසාවෙන් ගොඩට ගැනීමට පෙර ප්‍රතිකාර ලබාදීමට අනුරාධපුර කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායම කටයුතු කරණු ලැබුවා.

ඉන් අනතුරුව මහත් පරීක්ෂමයක් දරමින් කඹයක් ආධාරයෙන් පැටවා ගොඩට ගැනීමට කටයුතු කර අතර පසුව රක්ෂිතයට පලවා හරිනු ලැබුවා.

මෙම වන අලි පැටවා කැකිරාව වෙරුන්කුලම ප්‍රදේශයේම වෙඩි තැබීමකින් මිය කෙනරගේ පැටවකු බව වනජීවි නිලධාරීන් සැක පල කරනු ලබනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...

රනිල් කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකදී සජබ පිරිසක් නැවතත් හමුවෙලා ?

එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා...

වැසි තත්වයේ වෙනසක් – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 20) දිනයේදී නැගෙනහිර, ඌව...

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...