ඉතාලියේ සිට ගුවනින් ගෙන්වූ හෂීස් කිලෝ ග්‍රෑම් 35ක් රේගු අත්අඩංගුවට!

Date:

වටිනාකම මිලියන 42යි..

තිසර සමල්

අනුරාධපුර (LNW): ඉතාලියේ සිට මෙරටට ගුවනින් ගෙනවන ලදුව රේගු අත්අඩංගුවට පත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 35ක් ඉකුත් අඟහරුවාදා (03) දින මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

ඉතා සූක්ෂ්ම ලෙස බිස්කට් ඇසුරුම් තුළ සගවා ගෙන්වීමේ දී රේගුවට සහ පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ අංශය වෙත ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

මෙම මත් ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 42ක් පමණ වේ.

අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ඇසුරුම් ඉතා සූක්ෂ්ම ලෙස සීල් තබා ආනයනය කිරීම සිදු කර ඇති බවයි. අදාළ වැටලීමට සම්බන්ධ වූ නිලධාරීන්ට අමාත්‍යවරයා සිය කෘතඥතාව පළ කළේ ය.

මෙම පාර්සල්වල හිමිකරුවන් අනාවරණය කර ගැනීමට අපහසු වී ඇත්තේ ඒවා දොරින් දොර බෙදා හැරීමේ පාර්සල් (Door to Door delivery) ලෙස ආනයනය කර ඇති බැවින් වන අතර මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කරන ලෙස අමාත්‍ය සියඹලාපිටිය මහතා එහි දී රේගු නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...