සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දිස්ත්රික්ක හතක ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබු අතර එය තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටී.
ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය අද (05) පස්වරු 4.30 දක්වා දීර්ඝ වේ. කොළඹ ,ගාල්ල ,කළුතර ,කෑගල්ල,මාතර,හම්බන්තොට, සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහායි නායයෑමේ අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කර ඇති අතර , මහනුවර ප්රදේශ කිහිපයක් සඳහා පනවා තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දන්වා සිටී.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??