*
Thursday, May 16, 2024
spot_img

Latest Posts

Voice වෙනුවෙන් YES කියමු – නොදන්නවා නම්, සොයා බලමු!

ආචාර්ය ලයනල් බෝපගේ

ආදි වාසී ජනයාගේ පුරාණ ගීත රේඛා රතු පොළොව හරහා දෝංකාර දෙන ඔස්ට්‍රේලියානු හදවත් තුල තෙරැපෙන තීරණාත්මක මොහොතක් අප දෙස අපේක්ෂාවෙන් බලා සිටී. ඔක්තෝබර් 14 වන දා, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සමානාත්මතාවයේ ආත්මය සමඟ අනුනාද වන තේරීමක් කරන්නට සූදානම්ව අපි ඉතිහාසයේ සන්ධිස්ථානයක සිටිමු.

හදවතෙන් නැඟෙන උළුරු ප්‍රකාශනය: පිළි ගැනීමට කරන හඩ නැඟීමක්

එය, ආදි වාසී ජනයා බලය නොව හඬක් (Voice) සඳහා – ඔවුන්ගේ ප්‍රඥාව, ඔවුන්ගේ අරගල සහ ඔවුන්ගේ සිහින බෙදාහදා ගැනීමට ඉඩ සලසන හඬක් (Voice) සඳහා හදවතෙන් නැඟෙන උළුරු ප්‍රකාශනයෙන් ප්‍රතිරාවය වෙන හෘදයාංගම ආයාචනයකි. මෙය පමණ ඉක්මවා යන බලය පැවරීමක් පිළිබඳව නොවේ; එය සෑම ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුටම, ඔවුන්ගේ පසුබිම කුමක්ද යන්න නොසළකා, ඔවුන්ගේ ජීවිත හසුරුවන ප්‍රතිපත්ති හැඩගස්වා ගැනීමට ඇති සහජ අයිතිය පිළිගැනීම පිළිබඳව වන්නක් වේ.

ආදි වාසීන්ගේ හඬ (Voice) වෙනුවෙන් YES කිව යුත්තේ ඇයි?

1. ප්‍රජාවන් සවිබල ගැන්වීම, ජීවිත සාරවත් කිරීම

ආදි වාසී ජනයාට බලපාන ප්‍රතිපත්ති දුර කතරක සිට විධානය කරනු නොලබන, එහෙත් සංවාදයෙන් හා අවබෝධයෙන් උපත ලබන අනාගතයක් ගැන සිතා ගන්න. YES යැයි පැවසීමෙන් අදහස් වන්නේ අප සතු විවිධ විචිත්‍රත්වය තුළ පවතින හැම ජීවිතයක්ම වැදගත් බවත්, හැම හඬ (Voice) ක්ම ඇසීමට සුදුසු බවත් පිළිගැනීමයි.

2. වඩා හොඳ ප්‍රතිපත්ති, වඩා නැනවත් තේරීම්

අප වඩාත්ම පීඩාවට පත්ව සිටින අයට කන් දෙන විට, ප්‍රතිපත්ති වඩාත් සූක්ෂ්ම, සංවේදී සහ ඵලදායී බවට පත් වේ. YES යැයි පැවසීමෙන්, අපි ඕස්ට්‍රේලියානුවන් සියළු දෙනාටම වඩා දීප්තිමත්, වඩා සමානාත්මවාදී අනාගතයක් අනුමත කරන්නෙමු.

3. මුල්‍ය ප්‍රඥාව, වගකිය හැකි පාලනය

YES වෙනුවෙන් දෙන ඡන්දයක් යනු මූල්‍ය වගකීම වෙනුවෙන් දෙන ඡන්දයකි. ආදි වාසී ජනයාට ඇහුම්කන් දීම මඟින් බදු ගෙවන්නන්ගේ අරමුදල් සැබවින් ප්‍රතිඵල ලබා දෙන වැඩසටහන් හා මූලාරම්භයන් වෙත යොමු කොට බුද්ධිමත් ලෙස වියදම් කරන බවට අපි සහතික වෙන්නෙමු.

4. හිඩැස් පියැවීම, පාලම් ගොඩනැගීම

පරතරය පියැවීම සඳහා කරන අපේ ගමන ආරම්භ වන්නේ අවබෝධය සමඟිනි. ආදිවාසී හඬ (Voice) යන්න දේශීය සෞඛ්‍යය, අධ්‍යාපනය, රැකියා සහ නිවාස ඉහළ තත්වයකට නංවන්නට හැකි අදහස්, නවෝත්පාදන සහ ප්‍රායෝගික විසඳුම් සඳහා වන සරණියක් වේ. එය සමගිය, ප්‍රගතිය සහ බෙදාහදා ගත් සමෘද්ධිය දෙසට තබන පියවරකි.

5. විවිධත්වය වැලඳ ගැනීම, අන්තර්ග්‍රාහිත්වය (Inclusivity) මූර්තිමත් කිරීම

කාන්තාවන්ගේ ප්‍රඥාව, තාරුණ්‍යයේ ප්‍රාණවත් බව සහ වෙනස් හැකියා සහිත අයගේ ඔරොත්තු දීමේ හැකියාව ඇතුළත් කර ගනිමින් හඬ (Voice) ආදි වාසී ජනයාගේ සාරවත් විචිත්‍රත්වය වැලඳ ගනී. එය කිසිදු හඬ (Voice)ක් නොඅසා පවතින්නට ඉඩ නොහරින බවට සහතික කරන විවිධත්වය පිළිබඳ ප්‍රීති උත්සවයකි.

6. සමිබන්ධතාවයේ උරුමයක්, වග වීමේ අනාගතයක්

හඬ (Voice) යනු විකාරසහගත යෝජනාවක් නොව දශකයකට වඩා වැඩි කාලයක් පවත්වා ගන්නා ලද සම්බන්ධතාවයේ කූටප්‍රාප්තිය යි. එය සාවධානයෙන් යුතුව සැලසුම් කිරීම, නීති ප්‍රවීණතාවය හා යුක්තිය වෙනුවෙන් ඇති අව්‍යාජ අපේක්ෂාව පිළිබඳ සහතිකයකි. YES වෙනුවෙන් ඡන්දය දීමෙන්, මෙම උරුමයට ගරු කරන අපි නියෝජනයේ පවතින වගවීම සහතික කර ලමු.

7. සත්‍යය සහ ගිවිසුම දෙසට තබන පියවරක්

ස්වදේශික හඬ (Voice) ට සහය පළ කිරීමෙන් අප වර්තමානයේ පවතින යථාර්ථයක් සඳහා ඡන්දය ප්‍රකාශ කරනවා පමණක් නොවේ; අපි සංහිඳියාවේ, සත්‍යයේ සහ ගිවිසුමේ අනාගතයක් වෙනුවෙන් ද මාවත සකස් කරන්නෙමු. එය අතීතයේ පීඩාවන් සුවපත් කිරීම, එකමුතුකම පෝෂණය කිරීම හා සියළු දෙනාටම වඩා ශක්තිමත් ඔස්ට්‍රේලියාවක් බිහි කිරීම සඳහා තබන ජව සම්පන්න පියවරකි.

වසර 65,000ක හද ගැස්ම අපට මඟ පෙන්වත්වා!

වසර 65,000ක් තිස්සේ ආදි වාසී ජනයා ඔවුන්ගේ කථා වස්තූන් මේ භූමියට වියමන් කොට ඇත. වසර 250 ක් තිස්සේ අප අවංකව සවන් දී නැත. දැන්, අප මෙම වැදගත් තේරීම කරන්නට ආසන්න වන විට, ඕස්ට්‍රේලියාවේ හද ගැස්ම අපට මඟ පෙන්වා දෙනු ඇත. අපි අතීතය පිළිගෙන, වත්මන වැළඳ ගෙන, හැම ඕස්ට්‍රේලියානු හඬ (Voice) ක්ම දෝංකාර නංවන අනාගතයක් හැඩගස්වා ලමු.

අපෙන් අසනු ලබන ප්‍රශ්නය වන්නේ:

ආදිවාසී සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත්වාසී හඬ (Voice) ක් ස්ථාපිත කිරීමෙන් ඕස්ට්‍රේලියාවේ ආදි ජනයා පිළිගැනීම සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා යෝජිත නීතියක්. ඔබ මෙම යෝජිත වෙනස් කිරීම අනුමත කරනවාද?

Voice සඳහා YES වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න!

එකට එක්ව, ආදි වාසී ජනයාගේ හඬ (Voice) ප්‍රතිරාවය කරමින් සුමිහිරි සමූහ ගායනයක් නිර්මාණය කරමු. YES යැයි පැවසීමෙන්, අප ඡන්දය දෙන්නේ හඬ (Voice) කට පමණක් නොවේ; ඕස්ට්‍රේලියානුවන් සියළු දෙනා සඳහා සහකම්පනය, යුක්තිය සහ වඩා දීප්තිමත් හෙටක් සඳහා ද අපි ඡන්දය දෙන්නෙමු.

YES කියන්න – ඕස්ට්‍රේලියාවේ හද ගැස්ම ඇසේවා!

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan