ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති පත් කෙරේ !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (CEYPETCO) සහ සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත (CPSTL) හි නව සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

CEYPETCO හි කළමනාකාර අධ්‍යක්ෂ දර්ශන රත්නායක මහතා CPSTL හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසද පත් කර ඇත.

අමාත්‍යවරයා විසින් සිය නිල X ගිණුමෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම පත්වීම් අද (05) සිට ක්‍රියාත්මක වේ.

තවද සාලිය වික්‍රමසූරිය මහතා, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන අතර කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සාමාජිකයකු ද වේ.

ඒ අනුව CEYLON PETROLEUM CORPC (CPC) සහ CEYLON PETROLEUM Storage Terminals LTD (CPSTL) හි සභාපතිවරයා ලෙස සාලිය වික්‍රමසූරිය මහතා අද සිට පත් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...