සිලින්ඩරයින් දිස්ත්‍රික්ක කිහිපයකට අලියා ලකුණිනුත් එන්න සාකච්ඡා. නාමයෝජනා මණ්ඩලත් රැස්වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මහමැතිවරණයේදී ප්‍රධාන වශයෙන් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග වැදීමටත් දිස්ත්‍රික්ක කිහිපයකදී අලියා ලකුණින් තරග වැදීමටත් සාකච්ඡා පැවැත්වෙන බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

“එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන පක්ෂ විශාල ප්‍රමාණයක් සමග සාකච්ඡා කරමින් නාමයෝජනා මණ්ඩල රැස්වෙමින් තිබෙනවා. මේ සතිය මැද වනවිට එහි සියලු කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. අවසාන එකඟතාවය සියලු දෙනා විශේෂයෙන් ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ තරග කරන්නත්, වන්නි ප්‍රදේශයට අලියා ලකුණ යටතේ තරග කරන්නත්, නුවර එළිය දිස්ත්‍රික්කයට අලියා ලකුණ යටතේ තරග කිරීමටත් සාකච්ඡා වෙමින් තිබෙනවා. එය අවසන් වීමට නියමිතව තිබෙනවා”

වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (05) ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ...

සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ සැඟවුණු කතාව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ඇඟලුම්...

ලෝකයේ හොඳම මලල ක්‍රීඩා පරිපාලනයට රටවල් හයක තරගයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 19, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සම්මාන...

ඔබ ඒ සිහින අරගන්න, ක්ෂමාවේ ශාන්තිය මට දෙන්න ….

ඔබ මේ ලිපිය කියවිය යුත්තේතව වසර විස්සකට පසුවයි.ඔබ එවූ...