“ගල් අඟුරු බාල වුණත් රටට පාඩුවක් නෑ” වගේ තකතීරු කතා කියන්න එපා ! – පුබුදු මාලිමා මන්ත්‍රීලාට සැරටම අමතයි

මෙවර ගල් අඟුරු ටෙන්ඩරයෙන් පසු මෙරටට පැමිණි පළමු ගල් අඟුරු නැව් 8හි බාල ගල් අඟුරු අන්තර්ගත වීම හරහා රුපියල් මිලියන 7672.1ක අතිදැවැන්ත පාඩුවක් සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

“ආපු පළවෙනි ගල් අඟුරු නැව් 8 ඇතුළෙ බාල ගල් අඟුරු අන්තර්ගත වීම නිසා රුපියල් මිලියන 7672.1ක, දළ වශයෙන් ගත්තොත් රුපියල් කෝටි 767ක අතිදැවැන්ත අලාභයක් වෙලා තිබෙනවා. දෙවැනි නැවේ, තුන්වැනි නැවේ, හතරවෙනි නැවේ ගල් අඟුරු බාලයි කියලා දැනගන්න එක නවත්වන්න රසායනාගාර වාර්තා ජනතාවට ලැබෙන එක නවත්වලා තිබුණා. වගේම ‘බාල වුණත් මේකෙන් පාඩුවක් වෙන්නෙ නෑ’ වගේ තකතීරු කතා කියන්නත් එපා, මේ රටේ ජීවත් වෙන්නෙ මෝඩයෝ නෙවෙයි. මිනිස්සු පොලට ගිහිල්ලා බණ්ඩක්කා ගත්තත් නැට්ට කඩලා බලලා ගන්නෙ, මිනිස්සු දන්නවා මෝරපු බණ්ඩක්කා හම්බුණොත් තමන්ට පාඩුයි කියන එක. අපි දැක්කා අර මන්ත්‍රීවරියක් කියනවා ‘මේවා මේ පොළවෙන් හාරලානෙ ගන්නෙ, එතකොට මේ හරියටම ප්‍රමිතියක් කියන්න බෑ, කොහොමත් කොලිටි බාලවීම් තියෙන්න පුළුවන්’ කියලා. එහෙනම් ඉතින් මැණිකුත් පොළව හාරලානෙ ගන්නෙ … දැන් නැව් 8ක් කොලිටි බාලවෙලා තියෙනවා, තවම ටෙන්ඩරය අවලංගු කළේ නෑ. දැන් නීතිපති උපදෙස් අහනවා මේකට මොකද කරන්නෙ කියලා. ලෝක වෙළඳපොලේ ඩොලර් 70 ට ගන්න පුළුවන් ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක ඩොලර් 98.50කට අරන් තියෙන්නෙ. ඒ මුළු මුදල සම්පූර්ණයෙන්ම සමාගමද ගත්තෙ , නැත්නම් කාටකාට හරි බෙදිලා ගියාද ?”

පුබුදු ජයගොඩ මහතා මේ බව පැවසුවේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...

හම්බන්තොට දැවැන්ත ගෑස් පර්යන්තය පිළිබඳ තීරණයක් ගැනීමට ලාෆ්ස් සමාගම සැරසෙයි

ලාෆ්ස් ගෑස් පීඑල්සී සිය පූර්ණ අනුබද්ධිත සමාගමක් වන LAUGFS...

මෝදිගේ පෞද්ගලිකත්ව නීතියට එරෙහිව අම්බානිගේ හා අදානිගේ මාධ්‍ය ආයතන අධිකරණයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඉන්දීය අග්‍රාමාත්‍ය...