දැවැන්ත ඊශ්‍රායල බෝම්බ ප්‍රහාර ලෙබනනයේ අගනුවර සොලවයි

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 06; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායල ප්‍රහාරක ගුවන් යානා බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවලට එක රැයකින් ගුවන් ප්‍රහාර 30කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ගතවූ රාත්‍රිය ලෙබනනයේ ප්‍රචණ්ඩතම රාත්‍රිය වශයෙණි.

ගාසා තීරයේ වසරක් පුරා පැවති විනාශකාරී යුද්ධයකින් පසුව, ඊශ්‍රයලය මේ වන විට හමාස් හි ගාසා තීරයේ පලස්තීන කණ්ඩායම සමඟ සන්ධානගතව සිටින හිස්බුල්ලා කණ්ඩායම වෙත සිය අවධානය යොමුකර තිබේ.

ලෙබනනයේ නිල ජාතික පුවත් ඒජන්සිය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබුණේ, ඊශ්‍රායල් ගුවන් හමුදාව විසින් දකුණු බීරූට් හි හිස්බුල්ලා බලකොටුවකට ප්‍රහාර 30 කට වැඩි සංඛ්‍යාවක් එල්ල කළ බවත්, ඉලක්කවලට නගරයේ රෆික් හරිරි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ඉන්ධන පිරවුම්හලක් සහ හෝටලයක් ඇතුළත් වූ බවත්ය.

ඊශ්‍රායලයේ හමුදාවට අනුව, තමන් ආයුධ ගබඩා කිරීමේ ස්ථාන ගණනාවකට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර මාලාවක් සිදු කළ බව වාර්තා වන අතර නවතම ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ක්ෂණිකව නිශ්චය කළ නොහැක.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධීවර ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවකට JICA වෙතින් නව විසඳුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...

Elephant Transit Home : අලි වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : පොළොන්නරුවේ කලහගල ප්‍රදේශයේ...

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...