උඩුනුවර සමූප නිලවරණයේදී මාලිමාව හාන්සි. සජබ ප්‍රමුඛ විපක්ෂයට දැවැන්ත ජයග්‍රහණයක් !

Date:

මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කරගැනීම සඳහා පැවති නිලවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය නියෝජනය කළ ඒකාබද්ධ කණ්ඩායම සමත්ව තිබේ.

ඒ අනුව සජබ, පොහොට්ටුව සහ ස්වාධීන කණ්ඩායමක් එක්ව තරග කළ විපක්ෂයේ ඒකාබද්ධ කණ්ඩායම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුර 9න් 9ම හිමිකරගෙන ඇති අතර ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට එකදු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ධුරයක්වත් හිමිකර ගැනීමට නොහැකි වී ඇති බව සඳහන්.

“සමගි ජන බලවේගයේ නායකත්වය යටතේ පොදු විපක්ෂයට මේ අධ්‍යක්ෂ මණ්ඩලයේ තනතුරු 9න් 9ම ජයග්‍රහණය කරන්නට පුළුවන් වුණා. මාලිමාවට එකක්වත් ලබාගන්නට බැරිවුණා” යනුවෙනුයි මේ පිළිබඳ අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වියට්නාමය සහ උතුරු පළාත අතර සහයෝගීතාව වෙනුවෙන් අලුත් වැඩක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වියට්නාම්...

රැලියට කලින්ම මාලිමාව තංගල්ලේ අයවැය පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි තංගල්ල නගර සභාවේ මංගල...

මිනිස් ජාවාරමට වරදකරු වූ පිලිපීන නගරාධිපතිනියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීන පුරවැසියෙකු ලෙස...

විගමනික සේවක වෙළඳ ප්‍රදර්ශනයක් අද(20) දියත උයනේදී….

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, කොළඹ LNW : ශ්‍රී ලංකා විදේශ...