ඉන්දීය කණ්ඩායම දෙවන ජයග්‍රහණයට පිවිසෙයි

0
95

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 06, කොළඹ LNW:

සිය සම්ප්‍රදායික එදිරිවාදියා වූ පකිස්තානය පරදවා මෙවර කාන්තා ලෝක කුසලාන තරගාවලියේ දෙවන ජය වාර්තා කරන්නට ඉන්දියාව සමත් වුණා.පකිස්තානය ඉන්දියාවයට ඊට පෙර පරාජය වූ ශ්‍රී ලංකාවේ දුර්වල වූ පන්දු රැකීමේ අඩුව වෙනස් කර ගනිමින් තරගයට පිවිස තිබුණු අතර ඒ නිසා ඉන්දීය කණ්ඩායමට සියල්ලම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 247 ක් පමණයි.


කිසිඳු අර්ධ ශතකයක් නැතුව කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ගණන වූ එම ලකුණු ප්‍රමාණය සඳහා ලැබුණු ඉහළම දායකත්වය සැපයුවේ ලකුණු 46 ක් ලැබූ හර්ලින් ඩියොල් වූ අතර පිතිකරණ ලැයිස්තුවේ පසුපසට ගෙනවිත් තිබුණු රිචා ගෝස් අවසාන භාගයේ ඇයගේ ඉණිමට සහය දක්වන්නට අයෙකු නැතිව ලකුණු 35 ක් සමඟ නොදැවී සිටියා.පකිස්තානය වෙනුවෙන් ආරම්භක පන්දු යැවීමේ යෙදුණ ඩියානා බේග් කඩුලු 4 ක් ලබා ගත්තත් ඇයට එරෙහිව 59 ක් ඇයගෙන් ඉන්දියාව උඳුරාගෙන තිබුණා.වැඩිම බලපෑම ඇති කළ පන්දු යවන්නිය වූ නායිකා ෆැටීමා සානා පන්දු ඕවර් 10 ලකුණු 38 ට සීමා කරමින් කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.


පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට මුල සිටම ඉන්දීය පන්දු යවන්නියන් එල්ල කළේ දැඩි පීඩනයක්.විශේෂයෙන් ක්‍රන්ටි ගෝඩ් පන්දු ඕවර් 10 ලකුණු 20 ට සීමා කරමින් කඩුලු 3 ක් දවා ගැනීම කැපී පෙණුනා.ඒ නිසාම ඇය තරගයේ වීරවරිය වූවා.රේණුකා සිං කඩුලු ලබා නොගත්තද පන්දු ඕවර් 10 ට ලකුණු 29 ක් පමණක් ලබා දී තිබුණා.මේ ප්‍රබල පීඩනය හමුවේ කඩුලු දැවීම මෙන්ම ලකුණු ලබා ගැනීමේ දුෂ්කරතාවය ද දරා ගෙන ප්‍රතිපීඩනයක් ගොඩ නැඟීමේ දැඩි උවමනාවෙන් කැප වූ සිද්රා අමීන් විශිෂ්ඨ ඉණිමක නියැලෙමින් ලකුණු 81 රැස් කළේ පන්දු 106 ක් තුළයි.එහෙත් ඇයට කිසිසේත්ම ප්‍රමාණවත් සහයක් සිය සහය පිතිකාරිණියන් ලබා නොඳුන් අතර ඉලක්කම් දෙකේ ඉණිම සටහන්ව තිබුණේ තවත් දෙදෙනෙකුගෙන් පමණයි.


සිද්රා දියත් කළ ඉණිම වැනි දීර්ඝ එක ඉණිමක් එදා ශ්‍රී ලංකාවෙන් වාර්තා වූවානම් සෙසු ඉලක්කම් දෙකේ ලකුණු විසි ගණන් තිස් ගණන් එකතු වු ඒවා ද තව මදක් පොහොසත් වී ඉන්දියාව පරාජය කරන්නට හැකියාව තිබුණ බව චමරි අතපත්තු ද ඉඟි කරමින් පැවසුවා.කෙසේ වුවත් අවසාන ප්‍රතිපගය අනුව ජයග්‍රහණ දෙකක් සමඟ ඉන්දියාව පෙරමුණට පැමිණ පකිස්තානය පරාජයන් දෙකක් සමඟ පසුපසට වැටී තිබෙනවා.පහතින් දක්වෙන්නේ එම ඉරණමට කණ්ඩායම් දෙකට මුහුණ දෙන්නට වූ තරගයේ ලකුණු සටහනට පිවිසෙන මඟයි.
https://bit.ly/4mUj8wW
ඛෙත්තාරාමයට ඉහළින් තිබුණු අහස් ගැබ වැහිබරව තිබුණත් තරගයට බාධාවක් ඇති නොකළ අතර එහෙත් එම පාරිසරික වෙනස විසින් මතු කළ කෘමීන්ගේ ආධිපත්‍යයට තරගය විනාඩි 15 ක් යටත්ව පැවතිණ.ඒ සඳහා දුම් භාවිතා කරමින් කෘමීන් පළවා හරින්නද කටයුතු කළ අතර පකිස්තාක ක්‍රීඩිකාවන් ද යම් යම් දුම් කෘමීන් වෙත මුදා හරිනු දකින්නට ලැබිණ.