පෝය දා ගම්පොල මාරක රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මරුට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ගම්පොල, දොළුව ප්‍රදේශයේ සිදුවූ මාර්ග අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා තිබේ.

මෙම කාන්තාවන් සිව්දෙනා මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් කාන්තාවන් තිදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් කාන්තාව ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර ඇත.

අද (06) වප් පොහොය දිනය වන අතර අදාළ කාන්තාවන් සිව්දෙනා සිල් සමාදන් වීම සඳහා යමින් සිටියදී දොළුව විහාරස්ථානය අසලදී මෙම අනතුරට මුහුණ දී ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසූ බව කී පිට්ටනියේ ගැසූ පාපන්දුවල ජයග්‍රහණ සෝන්ඩර්ස්ට සහ මුතුවැල්ලට

නිශ්මං රණසිංහ ජනවාරි 05, කොළඹ LNW: බසනාහිර පළාත් පාපන්දු සම්මේලනය...

වෙනිසියුලාවේ තවත් ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

රෂිකා හෙන්නායක ජනවාරි 05 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාවේ මධුරෝ...

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...