වසන්ත මුදලිගේලා කරපු රාජ්‍ය විරෝධී ක්‍රියාව මොකක්ද ? – විපක්ෂ නායක සජිත් ආණ්ඩුවෙන් අසයි

Date:

වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, හශාන්ත ගුණතිලක යන පිරිස මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රඳවාගෙන තබා ඇති බවත්, ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ රාජ්‍ය විරෝධී කටයුතුවල යෙදීම බවත් ඔවුන් යෙදුණු රාජ්‍ය විරෝධී ක්‍රියාවක් කුමක්ද යන්න පවසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට පැවසීය.

මේ වන විට වසන්ත මුදලිගේ ගේ ජීවිතය අවදානමක පවතින බව පැවසූ විපක්ෂ නායකවරයා බන්ධනාගාරයෙන් ඔහු රාත්‍රී කාලය තුළ විවිධ ස්ථානවලට රැගෙන යමින් සිටින බවට වාර්තා වන බව ද සඳහන් කළේය.

රටට එරෙහිව එල්ල වී ඇති මානව හිමිකම් යෝජනා වලට ආණ්ඩුව විසින්ම උත්තේජනය ලබාදෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ශිෂ්‍ය අරගල වලට ප්‍රහාර එල්ල කරන්නේ ඒ අරමුණින් දැයි ප්‍රශ්න කළේය. ත්‍රස්තවාදයට තමන් තරයේ විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකවරයා ත්‍රස්තවාදයේ නාමයෙන් අහිංසක පුද්ගලයින් සිරගත කිරීමට ද තමන් එකහෙළා විරුද්ධ බවත් අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පාර්ලිමේන්තුව අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ දූත පිරිස..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) පෙරවරුවේ,...

හර්ෂිතාට තව වගකීමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ...

හිටපු ඇමති නිමල් සිරිපාල ද සිල්වා අල්ලස් කොමිසමට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා...

ගොවීන්ට සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...