*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මහ පොළොවෙන් මතුවූ බිම් පනුවෙකුගේ දේශපාලනය …

මෛත්‍රීපාල සිරිසේන යනු ලංකාවේ බිහිවූ මනුශ්‍ය සාරය සිඳී ගිය ග්‍රාම්‍ය දේශපාලන විගඩමක් ලෙස හැඳින්විය හැකිය. ඔහුගේ නවතම විගඩම නම් පුතා සමඟ පාරට පැමිණ ගොවියන් වෙනුවෙන් මෝල් හිමියන්ගෙන් ගේම ඉල්ලීමය..

පුතා එක්ක පාරට ඇවිත් මෝල් කාරයන්ගෙන් ගොවියන් බේරාගන්නට කතාකරන මෛත්‍රී මෙතනදි ඇත්තටම කරන්නෙ ගොවියන් වෙනුවෙන් පෙනීසිටීම නොව දුප්පත් ගොවියන්ගෙ කර මතින් තමන්ගේ පුත්‍රයාත් උඩට ගැනීමේ නරුම දේශපාලනයයි.

මෛත්‍රීපාලට මෝල් කාරයන්ගෙන් ගොවියන්ට යුක්තිය ලබාදීමට මහපාරට පැමිණිය යුතු නැත. ඔහු කලයුතුව ඇත්තේ මෝල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන ඔහුගේ සොයුරු ඩඩ්ලිට දුරකතන ඇමතුමක් දීම පමණි.

අනෙක් පැත්තෙන් මේ මොහොතේ පවා ලංකාවෙ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර යනු මෛත්‍රී සභාපතීත්වය දරන ශ්‍රී.ල.නි.ප. යේ සාමාජිකයෙකි. එහිදීද ඔහු කල යුතුව ඇත්තේ ඔහු සමඟ කතාකිරීම මිස හැටහුටාමාරක් කැමරාවලට ආමන්ත්‍රණය කිරීම නොවේ…

ඉතිහාසයේ එක මොහොතක රාජපක්ෂවාදයට විකල්පයක් ලෙස විපක්ෂය විසින් මෛත්‍රීපාලව තෝරාගත්ත ද ඇත්ත වශයෙන්ම ගත් කල මෛත්‍රීපාල යනු රාජපක්ෂවාදයේම ඊටත් වඩා බාල සුළු ධනේශ්වර විගඩමකි.

2015 වර්ෂයේදී ජනපති වීමෙන් ඉක්බිති තමන් පැරදුනේ නම් රාජපක්ෂලා විසින් තමන්ව මහපොලොවේ අඩි හයක් යටට යැවීමට නියමිතව තිබුන බව කියමින් රාජපක්ෂලාව පට්ට ගැසූ මෛත්‍රීපාලම තමන්ගේ දූර කාලය අවසානයේ නැවත කරනමක් ගසා රාජපක්ෂලාගේ වේදිකාවට නැග තමන් ජනපති කරවූ එ.ජා.ප. හවුලට සමනල් පක්ෂය යැයි කියමින් කෑ පතේ පැහැරුවේය.

2015 මැතිවරණයේදී මෛත්‍රීපාලගේ මැදිහත්වීම අප තේරුම්ගත යුත්තේ හුදී ජනයා ගලවාගැනීමට ගත් නිර්භීත උත්සහයක් ලෙස නොව බලලෝභී දේශපාලන දෙපිටකාට්ටුවෙකු කළ ඔළුව උගසට තබාකල සූදු කෙලීමක් ලෙසය…

ලංකාවේ රණවිරුගාය මෙන්ම නියර, කුඹුර, රෙද්ද බැනියම ගැමිකම වැනි වැඩවසම් සංඥාර්ථ පවා හොඳින් මාකට් කළ හැකි දේශපාලන තුරුම්පුවේ.

2015 දී මාධ්‍ය විසින් මෛත්‍රීව පුම්බනු ලැබුවේ පොලොවෙන් ගමෙන් මතුවූ දේශපාලනඥයා යනුවෙනි. ඇත්තෙන්ම ගමෙන් මතුවු ලක්ෂණ ලෙස ඔහු සතුව තිබුනේ ඉංග්‍රීසි භාෂාව බැරිකම, නූගත්කම, සහ මහින්දගේ ගිරුවාපත්තුවේ අනෙකා ලෙස ගත් පොළොන්නරු පත්තුවේ පසුගාමීකමය…

මුලදී අල්පේච්ච තාවය ගැන අට්ට වග්ගයෙන් බන දේශනා කල ඔහු අවසානයේ ගෙදර යනවිට ඔහු නැවතී සිටි පැජට් පාරේ කෝටි අටසීයක් වටින රාජ්‍ය නිල නිවසද අකුලගෙන කිහිල්ලේ ගහගෙන ගියේය.

ඔහුට රාජපක්ෂවරුන්ට මෙන් ප්‍රසිද්ධ වංචා චෝදනා නැතත් එයට ද හේතුව එසේ කිරීමට ඔහුට රාජපක්ෂලාට මෙන් නෛතික පදනමක් පෞරුෂයක් නොතිබීමය..

මාගේ කාලය තුල මේ කිසිම අර්බූදයක් තිබුනේ නැතැයි ඔහු අද පම්පෝරි ගැසුව ද ඇත්තෙන්ම මේ සියළු අර්බූධවල මූලය ඇත්තේ ඔහු තුළය …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan