දයාසිරිත් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 06 ක් පොලු තියලා

Date:

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාද විදුලිබල මණ්ඩලයට පොලු තැබූ මහජන නියෝජිතයන් අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

2016 වසරේ සිට මේ දක්වා දයාසිරි ජයසේකර මහතා පදිංචිව සිටින කොළඹ 12, ග්‍රෙගරි පාරේ අංක 12 දරන ස්ථානයේ පිහිටි නිවසේ විදුලි බිල මේ දක්වා පියවා නොමැත. ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (කොළඹ නගරය) හේමන්ත රණසිංහ මහතා විසින් මන්ත්‍රීවරයා වෙත යවා ඇති ලිපියක මේ බව සඳහන් වේ.

2016 ජනවාරි සිට 2022 අගෝස්තු දක්වා ගෙවිය යුතු මුදල රුපියල් 637,448.38 කි. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා දැනුම් දෙන්නේ ඔක්තෝබර් 15 වැනිදාට පෙර මෙම මුදල් පියවීමට කටයුතු කරන ලෙසයි.

අදාල දිනයට පෙර මුදල් පියවීමට කටයුතු නොකළහොත් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බව විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.

මෙම නිවස දයාසිරි ජයසේකර මහතාට ලබාදීමට පෙර පදිංචිව සිටි පුද්ගලයාද විදුලිබල මණ්ඩලයට බිල් ගෙවා නොමැති අතර එසේ නොගෙවූ මුදල රුපියල් 494,739.69 කි.

ඒ අනුව මහජන නියෝජිතයන් සඳහා ලබාදෙන එක් නිවසක පමණක් හිග මුදල රුපියල් මිලියනය ඉක්මවා තිබේ. පසුගිය දිනවලදී වාර්තා වූයේ හිටපු සහ සිටින මහජන නියෝජිතයන් 50 කට අධික ප්‍රමාණයක් භාවිතා කළ විදුලිය සඳහා බිල් ගෙවා නොමැති බවයි.

මසකට විදුලි ඒකක 40-50 ක් භාවිතා කරන සාමාන්‍ය ජනතාව මාස දෙක තුනක් බිල් නොගෙවා සිටියහොත් සැපයුම විසන්ධි කිරීමට උත්සුක වන විදුලිබල මණ්ඩලය මහජන නියෝජිතයන් මිලියන ගණනින් බිල් ගෙවීම පැහැර හරිද්දී වසර හය හත සැපයුම විසන්ධි නොකර දිගින් දිගටම විදුලිය ලබා දෙන්නේ මන්ද යන්න ගැටලුවකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...