අපේ 18 හොරා කෑවෙ කවුද ? – විමල්ට ප්‍රශ්නයක්

Date:

ආණ්ඩු පාර්ශ්වයේ සිට විවිධ අවස්ථාවලදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සඳහා පාර්ලිමේන්තු විවාදවලදී අවස්ථාව ලබා නොදීම සම්බන්ධයෙන් අද (06) දිනයේදීද සාකච්ඡාවට බඳුන් විය.

පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් 30 කට වැඩි ප්‍රමාණයක් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරයි.

මේ පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු විවාද පැවැත්වෙන කාලසීමාව මිනිත්තු 30 කින් දීර්ඝ කර එම අතිරේක මිනිත්තු 30 ක කාලය ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබිණි. මීට අමතරව ආණ්ඩු පක්ෂය වෙත ලැබෙන 65% ක කාලසීමාවෙන් 05% ක් ඔවුන් වෙත ලබාදීමටද ආණ්ඩු පක්ෂයේ නායකයන් එකඟ වී තිබෙනවා.

ඒ අනුව ස්වාධීන මන්ත්‍රීවරුන් වෙත මිනිත්තු 48 ක කාලසීමාවක් වෙන්කර තිබේ.

අද පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් සඳහන් කළේ පක්ෂ නායක රැස්වීමේ තීරණය තවමත් ක්‍රියාත්මක නොවන බවයි. විවාද පැවැත්වෙන කාලසීමාව දීර්ඝ කර මිනිත්තු 30 ක් ලබා දී ඇති නමුත් ආණ්ඩු පක්ෂය එකඟ වූ 05% ක කාලසීමාව තවමත් ස්වාධීන මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර නොමැති බව පෙන්වා දෙන වීරවංශ මහතා පවසන්නේ ඒ හරහා මිනිත්තු 18 ක් අහිමි කර ඇති බවයි.

ස්වාධීන මන්ත්‍රීවරුන් 35 දෙනා සඳහාම වෙන්කර තිබෙන්නේ මිනිත්තු 48 ක් පමණක් බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා. එම සීමිත කාලයෙන් මිනිත්තු 18 හොරා කෑවේ ආණ්ඩු පක්ෂයද විපක්ෂයදැයි විමල් වීරවංශ මහතා ප්‍රශ්න කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” පනත්...

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...