දෙසැම්බර් වෙද්දි ආයෙත් අමාරුයි, තෙල් මිලත් වැඩිවෙයි – ජනාධිපති

Date:

දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි වනවිට යළිත් ඉන්ධන මිල ඉහළ යා හැකි බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවනවා. අද පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය අතරතුර ඔහු මේ බව සඳහන් කළේය.

වසර අවසානයේ සීත සෘතුව එළඹීමත් සමග යුරෝපා රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යන බවත්, ඊට අමතරව එම කාලසීමාව වනවිට ඉන්ධන නිෂ්පාදනය පහත වැටීමක් සම්බන්ධයෙන් පුරෝකතනය කර තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ඔපෙක් සංවිධානය සිය නිෂ්පාදන අඩු කරන බව මේ වනවිටත් ප්‍රකාශ කර ඇති බව වික්‍රමසිංහ මහතා පවසයි.

ඉල්ලුමට සරිලන පැපයුමක් සිදු නොවීම හේතුවෙන් මිල ඉහළ යාම අනිවාර්ය බවත්, එහි අහිතකර බලපෑම වැඩිපුරම සිදුවන්නේ ශ්‍රී ලංකාව ඇතුළු තුන්වැනි ලෝකයේ රටවල බවත් පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ දේශීය ඉන්ධන මිලද අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදුවන බවයි.

කෙසේ නමුත් ඉන්ධන මිල පාරිභෝගිකයන්ට දරාගත හැකි මට්ටමක රඳවා ගැනීමට දැන් සිටම සැළසුම් සකස් කරමින් තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත් – නාමල් එකම කිරුළට!

උපාලි කොළඹගේ කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා නාමල් රාජපක්ෂ...

ඉලෙක්ට්‍රික් වාහන ගෙන්වීම නතර කිරීමේ සැළසුමක් Economy Next හෙළි කරයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ඉලෙක්ට්‍රික් වාහන මෙරටට ගෙන්වීම අවම කිරීම...

තොටිල්ල පදවන අතට ක්‍රිකට් තරග තීරණවල වැඩි බලයක් – ලංකාවෙන් මිෂෙල් සහ නිමාලි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 15, කොළඹ LNW: ඉතිහාසයේ පළමු වතාවට අන්තර්ජාතික ක්‍රිකට් සභාව...

සුපිරි නිවාස චෝදනාවට ඇමති වටගලගෙන් පිළිතුරු. CIDයටත් පැමිණීල්ලක් !

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති...