පොත් දෙකයි – සිංදු දෙකයි සමඟ ගෙවුණු සැදෑවක්.

Date:

ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත යොවුන් නව කතාව ලෙස ඇගයීමට පත් “ටෙට” කෘතිය සහ තවත් ගොඩගේ ප්‍රකාශනයක් වූ ⁣අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය මෙහෙයවූ “රටක් වටින පොතක්” ව්‍යාපෘතිය යටතේ ජය ලැබූ “Deception” ඉංග්‍රීසි කෘතිය සම්බන්ධයෙන් වූ සාහිත්‍යමය කථිකාවක් ඔක්තෝම්බර් 05 වන දින මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවත්විණ.එයටම ඈදුණු තවත් විශේෂාංගයක් වූයේ වෙනස් අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරන ජාරක නරේන්ද්රගේ “සුපෙම්බරා’ නම් වූ යූ ටියුබ් චැනලයට ඔහුගේ නවතම ගීත දෙකද එක් කිරීමය.

මෙම අවස්ථාවේ එක් දේශනයකට ඇරයුම් ලැබ සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු,පැවත්වෙමින් පවතින ආසියානු ක්‍රීඩා උළෙලේ සිට හඬ පටියක් එවමින් සිය අදහස් දැක්වීම සිදු කළේය.

ප්‍රධාන දේශනය සිදුකළේ මහාචාර්ය අශෝක ද සොයිසා ය.ඔහුගේ දේශනයට රංගන ශිල්පිණී කුමුදු කුමාරසිංහ දායක කර ගත්තේය.
මෙම ඡායාරූප සමඟ එම එළිදැක්වීමේ සම්පූර්ණ වැඩ සටහන පහත සබඳතාවයෙන් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=3jirUyWTba4

පහත සබඳතා හරහා ජාරක නරේන්ද්රගේ අලුත් ගීතවලට සවන් දීමට හැකිය.
https://youtu.be/IphROY3UOSk?si=whAz7-RTLxduaApV

https://youtu.be/q3PpWCjD7Zk?si=7Bohl_kMjfV4R9pN

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/606/TETA%20by%20Nishman%20Ranasinghe

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශපාලනයේ වැදගත්ම පොලිසි එක ජනතාවට අවංකවීමයි ….

ජ.වි.පෙ. අපේ පරම්පරාව දේශපාලනය කලා වගේ වසන්තලාගෙ පරම්පරාවත් අතේ...

ජනාධිපති ට්‍රම්ප් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව ඩොලර් බිලියන 15 ක අපහාස නඩුවක් ගොනු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...

රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ශ්‍රී ලාංකිකයින් සඳහා කැසිනෝ ඇතුළුවීමේ බද්ද වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 1988 අංක 40 දරණ ඔට්ටු ඇල්ලීමේ...

අපි පක්ෂයක් ලෙස කාටවත් දේපළ තියෙනවාට විරුද්ධව කතා කරලාවත් නෑ. දේපළ තිබීම දේශපාලනයට එන්න බාධාවක් නෙවෙයි – ඇමති නලින්ද

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා සහ සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ...