පොත් දෙකයි – සිංදු දෙකයි සමඟ ගෙවුණු සැදෑවක්.

ගොඩගේ අත්පිටපත් තරගයේ ප්‍රශස්ත යොවුන් නව කතාව ලෙස ඇගයීමට පත් “ටෙට” කෘතිය සහ තවත් ගොඩගේ ප්‍රකාශනයක් වූ ⁣අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික පුස්තකාල සේවා මණ්ඩලය මෙහෙයවූ “රටක් වටින පොතක්” ව්‍යාපෘතිය යටතේ ජය ලැබූ “Deception” ඉංග්‍රීසි කෘතිය සම්බන්ධයෙන් වූ සාහිත්‍යමය කථිකාවක් ඔක්තෝම්බර් 05 වන දින මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවත්විණ.එයටම ඈදුණු තවත් විශේෂාංගයක් වූයේ වෙනස් අවශ්‍යතා සහිත ප්‍රජාව නියෝජනය කරන ජාරක නරේන්ද්රගේ “සුපෙම්බරා’ නම් වූ යූ ටියුබ් චැනලයට ඔහුගේ නවතම ගීත දෙකද එක් කිරීමය.

මෙම අවස්ථාවේ එක් දේශනයකට ඇරයුම් ලැබ සිටි ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ශෙමාල් ප්‍රනාන්දු,පැවත්වෙමින් පවතින ආසියානු ක්‍රීඩා උළෙලේ සිට හඬ පටියක් එවමින් සිය අදහස් දැක්වීම සිදු කළේය.

ප්‍රධාන දේශනය සිදුකළේ මහාචාර්ය අශෝක ද සොයිසා ය.ඔහුගේ දේශනයට රංගන ශිල්පිණී කුමුදු කුමාරසිංහ දායක කර ගත්තේය.
මෙම ඡායාරූප සමඟ එම එළිදැක්වීමේ සම්පූර්ණ වැඩ සටහන පහත සබඳතාවයෙන් නැරඹිය හැකිය.
https://www.youtube.com/watch?v=3jirUyWTba4

පහත සබඳතා හරහා ජාරක නරේන්ද්රගේ අලුත් ගීතවලට සවන් දීමට හැකිය.
https://youtu.be/IphROY3UOSk?si=whAz7-RTLxduaApV

https://youtu.be/q3PpWCjD7Zk?si=7Bohl_kMjfV4R9pN

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/606/TETA%20by%20Nishman%20Ranasinghe