රට හැරයාමට හේතුව එරාන් කියයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස් තිබෙන බවද කියා සිටියේය.

එරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේ , ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

වික්‍රමරත්න මහතා තවදුරටත් පවසූවේ, රටේ ආර්ථික අර්බුදය සහ බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත් පාලකයන් මේ ගැන උදාසීන බවක් පළ කිරීම නිසා ගැටළු තවත් තීව්‍ර කෙරෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...