රට හැරයාමට හේතුව එරාන් කියයි !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා අද (6) පාර්ලිමේන්තුවේදී කියා සිටියේ, ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි.

ප්‍රතිශතයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවට එම අගය ලැබෙන බව කී වික්‍රමරත්න මහතා විදේශ රැකියා ආයතන වලින් ලැබුණු දත්ත අනුව 2022 දී ලක්ෂ තුනකට වඩා රට අතහැර ගොස් තිබෙන බවද කියා සිටියේය.

එරාන් වික්‍රමරත්න මහතා මේ බව කියා සිටියේ , ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

වික්‍රමරත්න මහතා තවදුරටත් පවසූවේ, රටේ ආර්ථික අර්බුදය සහ බදු බර වෘත්තිකයන් මත පැටවීම නිසා වෘත්තිකයන් රට හැර යමින් සිටින අතර මේ හේතුව නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය දිනපතා ගැටළු වලට මුහුණ පාන බවත් පාලකයන් මේ ගැන උදාසීන බවක් පළ කිරීම නිසා ගැටළු තවත් තීව්‍ර කෙරෙන බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...

හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මුදල් අමාත්‍යාංශයේ වෙළද...