බිත්තරයක මිල 36 – 37ක් නොවුණොත් කර්මාන්තයට බලපානවා – කෘෂිකර්ම අමාත්‍යාංශය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

බඩඉරිඟු මිල ඇතුළු දැනට පවතින තත්වයන් අනුව බිත්තරයක මිල රුපියල් 36 – 37 වැනි අගයක පවත්වා නොගතහොත් එය බිත්තර නිෂ්පාදන කර්මාන්තයට අහිතකර බලපෑමක් එල්ල කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, කුකුළු කෑම සඳහා යන වියදම අඩුකිරීමට කටයුතු කරමින් සිටින අතර එම කටයුතු සම්පූර්ණ වීමෙන් පසු ඉදිරියේදී බිත්තරයක මිල රුපියල් 20 – 30 වැනි අගයකට පැමිණෙනු ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්. පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ.

“කොහොමත් මේ වනවිට බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 32ක 33 ක වගේ වියදමක් යනවා. මේ වියදමෙන් වැඩි කොටසක් තියෙන්නේ කුකුල් කෑම. 80%ක් පමණ රඳා පවතින්නේ බඩඉරිගු මිල මත. බඩඉරිගු මිල තීරණය වීමේ යම් යම් ගැටලුකාරි තත්ත්වයක් තියෙනවා. ඒ ටික විසඳීමට අපි මේ දවස්වල කටයුතු කරමින් පවතිනවා. කොහොමත් බිත්තරයක් වෙළෙඳපොළේ රුපියල් 36 ක 37ක මිලකට තිබුණේ නැතිනම් කුකුල් කර්මාන්තෙට මේක බලපානවා. ඉදිරියේ දී කුකුල් කෑම සඳහා යන නිෂ්පාදන වියදම, විශේෂයෙන් බඩඉරිඟු සඳහා යන වියදම 165ක් පමණ වෙනවා. ඒක 140කට වගේ අඩු කරන්න පුළුවන්. ඒ කටයුතු ටික කරගත්තට පස්සේ රටේ බිත්තර මිල රුපියල් 29ත් 30ත් අතර තත්ත්වයකට පැමිණෙයි”

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (06) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුර යළි දිවයිනට

ජර්මනියේ නිල සංචාරයක නිරත වී සිටි ජනාධිපති අනුර කුමාර...

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...