ශ්‍රී ලංකා කණිෂ්ඨයෝ නේපාලයට පරදිති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ඔක්තෝබර් 07, (LNW) කොළඹ :

මධ්‍යම ආසියානු වොලිබෝල් කණිෂඨ සූරතාවලියේ දී ශ්‍රී ලංකා කණ්ෂ්ඨ කණ්ඩායම සහභාගි වූ පළමු තරගය නේපලාය වෙතිනි වට 3-0 ට පරායය වුණා.කොළඹ සුගතාදස කීඩා පිටියේ දී පැවත්වෙන මෙම තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය වීම තුළ දකින්නට තිබුණේ දක්ෂතා සහිත කණ්ඩායමක් නිවැරදිව තරග මානසිකත්වය තුළ කළමණාකරණය නොවීමේ ගැටළුවයි.

ජාතික කණ්ඩායම් පවා පුහුණු කර ඇති ලලිත් ප්‍රේමලාල් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරද්දී නේපාලය ඉදිරියේ ලද පරාජය ගැන සතුටු වන්නට බැහැ.එහෙත් මේ තරගාවලිය සම්බන්ධයෙන් ප්‍රේමලාල් සමග කෙතරම් කාලයක් මේ කණ්ඩායම පුහුණු වූවා ද යන්න නොදන්නා බැවින් ඔහු මතම මේ පරාජයේ වගකීම පටවන්නට බැහැ.වොලිබෝල් පරිපාලනය මේ ගැන කෙතරම් අවධානයකින් සිටියේ ද යන්න වැදගත් වන අතර ඊයේ තිබුණු පළමු අර්බූදය වූයේ නේපාලයේ වේගවත් රිද්මයට ශ්‍රී ලංකාවට අවතීර්ණ විමට නොහැකි වීමයි.එසේම ඔවුන්ගේ රිද්මය බිඳ වට්ටන උපක්‍රමයක් ක්‍රීඩා රටාවට මුසු කරන්නටත් ශ්‍රී ලංකාව අසමත් වුණා.

නේපාලය පළමු වටය 25 – 14 ක් ලෙස පරාජයට පත් වුණත්,දෙවන වටයේදී යම් පිබිදීමකින් තරග වැඳ ලකුණු 25-23 ක් ලෙස පරාජය වන මට්ටමට පැමිණ තිබුණා.එහෙත් තෙවන වටයේ දී තරගයේ ශ්‍රී ලංකාව සිය 23 වන ලකුණ වාර්තා කරද්දී නේපාල ලකුණු ප්‍රමාණය ඉක්මවා යන තෙක්ම ඔවුන් හැම මොහොතකම ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් රැදී සිටියා.එහෙත් ඒ වටයත් අවසානයේ ලකුණු 28 – 26 ක් ලෙස නේපාලයටම පරිත්‍යාග කරන්නට ශ්‍රී ලංනාවට බලපෑවේ ක්‍රීඩකයින් තුළ තිබුණු මානසික මට්ටමයි.

මේ පරාජයට හේතුව පුහුණුකරු,ක්‍රීඩකයා ලෙස සරලව කියා පෑමට යාම අනුචිතයි.මේ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව විසින් තල්ලු කරගෙන යන සමස්ත ක්‍රමවේදයේම වොල්බෝල්මය ඇත්තයි.කණ්ඩායමක් ජාතික කියා හෝ එක දිගට නඩත්තු කරන්නට වත්කමක් නැති ව්‍යහුයක කණිෂ්ඨ කණ්ඩායමක් සංචිත ගත කර එක්වරම ඊට අදාළ වගකීම් පත් කර “ගහපිය“ කියා පිටියට තල්ලු කළ විට ජය ගනීවි යැයි සිතීම සාර්ථක දෙයක් නොවේ.එහෙත් මේ අත්දැකීම් කොතෙක් දුරට අවශෝෂණය කර ගැනීමට තරුණ ක්‍රීඩකයින්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට හැකි ද යන්න මත ඉදිරිය යහපත් කර ගැනීමට හැකියාව සහ දැණුම තිබිය යුතුයි.මින් ඉදිරියට ඒ තත්ත්වයට සාපේක්ෂව මෙම තරගාවලියේ ශ්‍රී ලංකාවේ තත්ත්වය තීරණය වනු ඇත.

කෙසේ හෝ නමින් ජාතික ක්‍රීඩාව වූවත් ජාතිකමය වශයෙන් බිදී ගොස් තිබෙන සියලු යහගුණවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාවට අත් වී තිබෙන ඉරණම ප්‍රකාරව සිඳුවන පරාජයන් මිස මෙම පරාජයන් ජය ගැනීමට නොහැකි මිනිස් ශක්තීන්වල දුර්වලකම පිළිඹිඹු කිරීමක් ලෙස ගත නොහැකියි.

මේ තරගාවලියේ පැවති සෙසු තරගවලදී ටර්කිමෙනිස්තානය විසින් ලකුණු 25 – 11,25-13 සහ 27-25 ක් ලෙස මාල දිවයින පරාජය කරන්නට සමත් වුණු අතර උස්බෙකිස්තානය විසින් කිර්ගිස්කානය වට 3-0 ක් ලෙස පරාජයට පත් කළා.එහිදී ලකුණු තත්ත්වය දැක් වුණේ ලකුණු 25-20,28-26 සහ 25-10 ක් ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...