රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරන අතර, මහ මැතිවරණය සදහා නාමයෝජන භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීවරයා වෙත භාරදිය යුතුයි.
මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ, නාමයෝජනා පත්‍ර සමග එය භාරදිය හැකි බවයි.
මේ අතර මහ මැතිවරණයේ දී එම කාර්යයන් සදහා පත්කරන නිලධාරීන් මැතිවරණ කටයුතු සදහා පත්කිරීමට ඉඩ ඇති රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත නිලධාරීන්, සේවකයින් තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන අතර, තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ අඩුපාඩු මත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව ඒ මහතා සදහන් වේ.
මේ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකරන ලෙස තැපැල් ඡන්ද ඉල්ලුම් කරන පිරිසගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන අතර, මහ මැතිවරණය ද සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවුවහොත් ජාත්‍යන්තර නිරීක්ෂකයින් යෙදවීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.
