සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ (LNW):

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරන අතර, මහ මැතිවරණය සදහා නාමයෝජන භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම්වල සියලු අපේක්ෂකයින් වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීවරයා වෙත භාරදිය යුතුයි.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන්නේ, නාමයෝජනා පත්‍ර සමග එය භාරදිය හැකි බවයි.

මේ අතර මහ මැතිවරණයේ දී එම කාර්යයන් සදහා පත්කරන නිලධාරීන්  මැතිවරණ කටයුතු සදහා පත්කිරීමට ඉඩ ඇති රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත නිලධාරීන්,  සේවකයින් තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන අතර, තැපැල් ඡන්ද ඉල්ලුම් නොකිරීම හෝ අඩුපාඩු මත ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරිවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව ඒ මහතා සදහන් වේ.

මේ සම්බන්ධයෙන් විශේෂ අවදානය යොමුකරන ලෙස තැපැල් ඡන්ද ඉල්ලුම් කරන පිරිසගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන අතර, මහ මැතිවරණය ද සාධාරණ සහ සාමකාමී ලෙස පැවැත්වීමට හැකිවුවහොත් ජාත්‍යන්තර නිරීක්ෂකයින් යෙදවීමේ අවශ්‍යතාවක් ඇති නොවන බව පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...