මරණ දඬුවම නියම වී සිටින ජූලම්පිටියේ අමරේගේ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටියේ අමරේ’ නැමැත්තාට පනවා තිබූ මරණීය දණ්ඩනයට එරෙහිව ඔහු විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (07) තීන්දු කර තිබේ.

ඒ අනුව ඔහුව නියම වී ඇති මරණීය දණ්ඩනය තහවුරු කරමින් අදාළ අභියාචනා පෙත්සම නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.

2012 වසරේ කටුවන ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමකට කඩා වැදී වෙඩිතබා පුද්ගලයින් දෙදෙනකු මරා දමා තවත් අයෙකුට මරණීය තුවාල සිදුකිරීමේ චෝදනාවට වරදකරු කරමින් ජී. ජී. අමරසිරි හෙවත් ‘ජුලම්පිටියේ අමරේ’ට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2019 වසරේදී තංගල්ල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහල් නිවාස ආශ්‍රිතව අපරාධ මර්දනයට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නියෝග සහ උපදෙස්...

“Instagram is for girls” — Elon Musk ගේ එක වාක්‍යයෙන් Internet එක උණුසුම් වෙයි!

සටහන : පුලී ඔක්තෝම්බර් 03, LNW (කොළඹ); ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු...

යේමනයේ ගැටුම් උත්සන්න වෙයි; හූති සටන්කාමීන් සිය ගණනක් මරුට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: යේමනයේ රජයේ...

ශක්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් දේශපාලන පක්ෂ වෙනුවෙන් ජාත්‍යන්තරයේ අවධානයට!

කොළඹ LNW:බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති "Political Parties Under Pressure...