ප්‍රවාහන පද්ධතියේ යල් පැනගිය ක්‍රමවේද ඉවත් කළයුතුයි – විපක්ෂ නායක සජිත්

Date:

රාජ්‍ය සේවයේදී අදාල ඉලක්ක සම්පූර්ණ කරන නිලධාරීන්ට අමතර දීමනා ලබාදීමේ වැඩපිළිවෙලක් හරහා ඔවුන් තවදුරටත් අභිප්‍රේරණයට ලක් කළ හැකි බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කම් පිළිබඳවූ සාකච්ජාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළකලා.

මෙරට ප්‍රවාහන පද්ධතියේ පවතින යල්පැනගිය ක්‍රමවේද ඉවත් කර ඒකාබද්ධ වැඩපිළිවෙළක් හරහා නව තාක්ෂණය භාවිත කිරීම තුළින්, නව ලොවට ගැලපෙන, කාර්යක්ෂම ප්‍රවාහන ක්ෂේත්‍රයක් රටට හඳුන්වා දිය හැකි බවයි, සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ.

අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ ආයතනික අවශ්‍යතාවට මුල් තැන නොදී, ජාතික අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කරන බවත්, පුද්ගල අවශ්‍යතාව මත තීරණ නොගෙන, ජාතික අවශ්‍යතාව මත තීරණ ගන්නා වැඩපිළිවෙළක් සකස් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළා.

ජාතිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සඳහා වූ මහලේකම් කාර්යාලය සංවිධානය කළ මෙම සාකච්ජාවට ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිළධාරීන් මෙන්ම, වෘත්තීය මට්ටමින් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්වතුන් පිරිසක්ද එක්ව සිටියා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...