නැවතත් නොමැවෙන දර්ශන්

ලංකාවෙ සිනමාවට ඉම්පෝටන්ම ඇක්ටර් කෙනෙක් නොඑන්නම යන්න ගියේ ඊයෙ පෙරේදා. වැඩි වයසකුත් නැති හැඩි දැඩි මිනිහෙක්. දර්ශන් ධර්මරාජ්! ඒ මනුස්සයා Baltimoraගෙ සටහනක ඉන්නම ඕනෙ කියල හිතෙන්නෙ දර්ශන් අනුගමනය කරපු ධර්මයේ, මිනිස්කම ගෑවිලා තියෙන නිසයි.

සිල්වර් ස්ක්‍රීන් එකේ වැඩිපුර හිටියට ටෙලිවිශන් එකෙත් සොලිඩ් චරිත දර්ශන්ට ලැබුණා. ‘පියාඹන මූනිස්සම්’ , ‘ once a upon a time in Colombo ‘ කියන්නෙ දර්ශන් හිටපු ටෙලිනාට්‍ය දෙකක්.  

 මූණට මූණ හමුවෙලා නැති මේ මනුස්සයව baltimoraත් දන්නෙ සිනමාවෙන්. සිනමා තිරය උඩ මුලින් පොඩි චරිත රඟපෑවත් ඒවා පතාක චරිත විදියට අපේ ඔලුවල එස්ටැබ්ලිශ් වෙලා තියෙනවා. ‘ මචං’ එකේ ‘සුරේෂ්’කියන්නෙ අන්න එහෙම චරිතයක්. රඟපාන්නැතුව රඟපාන අතලොස්සක් නළුවො අතරෙ ඉන්න එකෙක් , දර්ශන්!. 

පොඩි පොඩි කැරැක්ටර්ස්වලින් ලොකු ලොකු කැරැක්ටර්ස්වලට දර්ශන් පැන්නෙ නෑ. ඉතාම ඉවසීමෙන් ඇවිදගෙන ආව විතරයි. සිනමාවෙ ලොකු මිනිහෙක් වෙන්න පුළුවන් කැපෑසිටි එකක් දර්ශන් පෙන්නුවෙ හරිම සියුම් රඟපෑම්වලින්. 

දර්ශන් අපිට විශේෂ වෙන තවත් කෑල්ලක් තියෙනවා. මිනිහගෙ උපන් ජාතිය දෙමළ. ජාතිය දෙමළ උනාට මිනිහා වැඩිපුර රඟපෑවෙ සිංහල සිනමාවෙ චරිත. සිංහලකරණය වෙච්ච දෙමළ චරිත කියල කියන්නත් පුළුවන්. දර්ශන්ට පුළුවන් උනා ඉතාම ඉක්මනින් මැජෝරිටි එක වෙච්ච සිංහල අයගෙ හිත් ටික අල්ලගන්න. මිනිහා කොයි වෙලාවකවත් ‘මම දෙමළෙක් ‘ කිව්වෙ නෑ. කටින් පිට උනේම ‘ මම ශ්‍රී ලාංකිකයෙක්’ කියන හඬ විතරයි. ඒකම තමා දර්ශන්ගෙ දර්ශනය.  

එනිවේ , දර්ශන් කියන්නෙ සිංහල සිනමාවෙ දෙමළ නළුවා. දෙමළ සිනමාවේ , දෙමළ නළුවෙක් විදියට ඔහුව අපි ‘ඉනිඅවන්’ වල දැක්කා. ඒත් ඒක සිංහල ඩිරෙක්ටර් කෙනෙක් වෙන හඳයාගෙ ෆිල්ම් එකක්. මොන සිනමාවෙ උනත් ‘දර්ශන්මය ස්ටයිල්’ එක දර්ශනය උනා කියලා බොක්කෙන්ම කියන්න වටිනව.

 දර්ශන් දැන් නෑ. අන්ලිමිටඩ් ශොක් එකක් තාම තියෙනවා. රිප්ලේස්මන්ට් එකක් පේන තෙක් මානෙක නෑ. Baltimora තාම හිතනවා. පොඩි වයසක් උනාට දර්ශන් ලොකු මනුස්සයෙක්. ලොකු මතක ඉතුරු කරපු සෝල් එකක්.  ඒ සෝල් එකටයි මේ ආචාරය! 

BALTIMORA

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...