කෝන්තර අමතක කර එක්වන්න – ජනපති රනිල් සියලු පක්ෂවලට යළිත් ඇරයුම් කරයි

Date:

මෑත ඉතිහාසයේ රට මුහුණදුන් බරපතලම ආර්ථික අර්බුදය ජය ගැනීම වෙනුවෙන් පැරණි කෝන්තර අමතක කර පොදු වැඩපිළිවෙළකට එක්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළිත් විශේෂ ඉල්ලීමක් කළේය.

මෙහිදී අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සිව් වැදෑරුම් උපාය මාර්ගික සැලැස්මක් හඳුන්වාදීමට කටයුතු කළ ජනාධිපතිවරයා එහි පළමු පියවර මේ වන විට සාර්ථක කරගෙන ඇති බවත් දෙවන පියවර සාර්ථක කර ගැනීමට අවශ්‍ය පදනම සකස් කරගෙන යන බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කර සිටියේ, වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ජපන් – පිලිපීන සංචාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩ කටයුත්තේදී මැදිහත්කරුවෙකු ලෙස ප්‍රමුඛ කාර්යක් ඉටුකිරීමට ජපානය එකඟවීම සුබ ලකුණක් බවත් ණය ලබාදුන් රටවල් සමඟ පවත්වන සමුළුවේ සම සභාපති ධූරය දැරීමට ජපානයෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවන බවත් පැවසීය.

තවද ඉන්දියාව , චීනය, ජපානය යන ප්‍රධාන ණය ලබාදුන් රටවල් සමඟ මෙන්ම අනෙකුත් ණය ලබාදී ඇති රටවල් සමඟ සිදු කළ සාකච්ඡාවල ප්‍රගතිය මෙන්ම කඩිනමින් ඔවුන් සමඟ බහු පාර්ශ්වීය එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙන් ලෝන් සමඟ පැවැත්වූ සාකච්ඡා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, පසුගිය සමයේ අත්හැර දමා තිබූ සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යළි පණ ගැන්විය යුතු බවයි.

ඒ හරහා සිංගප්පූරුව සමඟ ස්ථාවර ආර්ථික ප්‍රවේශයක් ඇතිකර ගැනීමේ හැකියාව මෙන්ම අග්නිදිග ආසියාව සමඟ මෙරට ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමේ හැකියාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගනුලැබූ කඩිනම් පියවර හේතුවෙන් යල කන්නයේ අපේක්ෂිත අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් ලැබීමට හැකිවූ බවත් , ඉදිරි මහ කන්නයද බාධාවකින් තොරව සාර්ථක කර ගැනීමට අවශ්‍ය බීජ මෙන්ම පොහොර ප්‍රමාණවත් පරිදි සූදානම් කර ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

ආහාර සුරක්ෂිතතාව සහතික කරමින් කඩිනම් ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළක් සකස්කර තිබුණත් ආර්ථිකයේ හැකිලීම සහ උද්ධමනය වැළක්වීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම තත්ත්වය වැලැක්වීමට ගත යුතු පියවර සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

වැටී තිබුණු රටක් යළි ගොඩනැංවීමේදී මහා විජිත රජු අනුගමනය කළ කරුණු කූඨදන්ත සුත්‍රය මඟින් බුදුන්වහන්සේ පෙන්වාදී ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් අනුගමනය කරන්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් ක්‍රමවේදය බව වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...