ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව අපි පිළිගන්නවා: එක්සත් රාජධානිය

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාව එක්සත් රාජධානිය විසින් සාදරයෙන් පිළිගන්නා බව එක්සත් රාජධානියේ මැදපෙරදිග, දකුණු ආසියාව සහ එක්සත් ජාතීන්ගේ විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය විම්බල්ඩන් හි (තාරික්) අහමඩ් සාමිවරයා පවසයි.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනාවට ප්‍රතිචාර දක්වමින්, ඒ මහතා පවසා සිටියේ මෙවැන්නකි:

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අද පැවති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය අපි සාදරයෙන් පිළිගනිමු. මෙම යෝජනාව මානව හිමිකම්, යුක්තිය සහ වගකීම් පිළිබඳ ප්‍රගතියට සහාය වනු ඇත. එය ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා කිරීමට සහ අනාගත ක්‍රියාවලීන් සඳහා භාවිතා කිරීම සඳහා අතීත මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විධි විධානයන් අලුත් කර ඇත. මෙහි සත්‍යය තහවුරු කිරීමට සහ තිරසාර යුක්තිය සහ සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට මෙන්ම රටේ මානව හිමිකම් වැඩිදියුණු කිරීමට අත්‍යවශ්‍ය වන බව මෙහිදී පෙන්වා දේ.”

මානව හිමිකම් කවුන්සිලයට ඔවුන්ගේ කැපවීම් ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා නව රජය සමඟ කටයුතු කිරීමට එක්සත් රාජධානිවේ සාමූහික සහ නව හැකියෝත්පන්නත්වයට අවධානය දැන් යොමුවිය යුතු බව පෙන්වා දෙන තාරික් අහමඩ් සාමිවරයා, මෙම ප්‍රයද්නයට සහාය දෙන ලෙසත්, ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දෙන ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීමට එක්ව කටයුතු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් වැඩිදුරටත් පැවසීය.

https://www.gov.uk/government/news/un-human-rights-council-51-uk-welcomes-resolution-on-sri-lanka