පහක් තියා සජබෙන් තව එක්කෙනෙක්වත් එන්නෙ නෑ – සජිත්

Date:

කැබිනට් තනතුරු පෙන්වා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු බිලිබා ගැනීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. ආණ්ඩුවේ නායකයන්ගේ එම උත්සාහය කිසිසේත්ම සාර්ථක නොවන බවයි විපක්ෂ නායකයා පවසන්නේ.

ඇමති තනතුරුවලට රැවටී ප්‍රතිපත්ති පාවාදීමට සජබ මන්ත්‍රී කණ්ඩායමේ කිසිදු මන්ත්‍රීවරයෙකු සූදානම් නොමැති බවත්, සමගි ජන බලවේගයේ ආණ්ඩුවක මිස ඔවුන් ඇමති තනතුරු බාර නොගන්නා බවත් විපක්ෂ නායකයා අද පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ආණ්ඩුව ඇමති තනතුරු බෙදා ගනිමින්, මන්ත්‍රීවරුන් බිලිබා ගනිමින් සිටිද්දී ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී රට දැවැන්ත පරාජයක් ලබාගෙන ඇති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ දැඩිලෙස හුදෙකලා වී ඇති බවයි. තනතුරු බෙදා ගැනීම පසෙක තබා අහිමි වී ඇති ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමට පාලකයන් කටයුතු නොකරන්නේ මන්දැයි විපක්ෂ නායකයා ප්‍රශ්න කරනවා.

දැන්වත් රට බංකොලොත් බව පිළිගෙන බංකොලොත් රට යළි ගොඩනැගීමට උත්සාහ කළයුතු බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අනුව රට ගොඩනැගීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට සමගි ජන බලවේගය සූදානම් බවත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...