PTA යටතේ රැඳවුම් නියෝග මත සිටි අන්තරේ ක්‍රියාකාරිකයකු නිදහස් කෙරේ

Date:

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු වන හෂාන් ජීවන්ත අද (07) දිනයේ නිදහස් කර තිබේ.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ රැඳවුම් නියෝගය ආපසු කැඳවීම හරහා ය.

මීට දින 50කට පෙර හෂාන් ජීවන්ත අත් අඩංගුවට ගැනුණු අතර එදිනම අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් ද අත් අඩංගුවට ගැනිණි.

ඒ අතරින් හෂාන් ජීවන්ත සම්බන්ධ විමර්ශන කටයුතු පොලිසිය විසින් අවසන් කර තිබුණු අතර ඔහුට විරුද්ධව සාක්ෂි නොමැති බව එහිදී අනාවරණය වී තිබිණි.

ඒ අනුව ඔහුට එරෙහිව නිකුත් කර තිබුණු රැඳවුම් නියෝගය ආපසු කැඳවන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ජනාධිපතිවරයාට නිර්දේශ කර තිබුණු අතර එම නියෝගය ආපසු කැඳවා ඇත.

ඉන් අනතුරුව හෂාන් ජීවන්තව අද (07) දිනයේදී අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර, තංගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ද පමුණුවා ඔහුගේ පියාට භාරදීමට කටයුතු කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...