ආණ්ඩුවට දැන් තුනෙන් දෙක නැති එකත් 22 පස්ස ගහන්න හේතුවක් වෙලා – කිරිඇල්ල (VIDEO)

Date:

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයට ගැනීම කල් ගොස් ඇත්තේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතුව තිබෙන විශාල බෙදීම මෙන්ම මේ මොහොත වන විට ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වී තිබීමද ඊට හේතුවක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.

ඒ, අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමත වී පැමිණි පනතට දැන් යම් යම් සංශෝධන කිරීමට ආණ්ඩුව උත්සහ දරමින් සිටින බවද කිරිඇල්ල මහතා කියා සිටියේය.

පළමු අවස්ථාවේදීම එම සංශෝධන සහිතව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පනත යොමුකළේ නම් එයට අනුමැතියක් හිමි නොවන බවයි ඔහු පැවසුවේ.

පාර්ලිමේන්තු ක්‍රමයේ පවතින දෝෂ සහිත බව නිසා කාරක සභා අවස්ථාවේ දී සංශෝධන ඉදිරිපත් කිරීමට ආණ්ඩුව උත්සාහයක සිටින අතර එලෙස කාරක සභා අවස්ථාවේදී සංශෝධන සම්මත වුවහොත් එයට එරෙහිව අධිකරණයට යා නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...