මහත්වරුණි, අවධානයෙන් රිය පදවන්න !

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මේ වසරේ (2023) ගෙවුණු මාස 10 තුළ රිය අනතුරු 1,638ක් ද එම අනතුරුවලින් මරණ 1,733ක් ද සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

තව දුරටත් තල්දූව මහතා කියා සිටියේ, වාර්තා වූ එම මරණවලින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ පදිකයින් වන බවයි. එම ගණන 540ක් පමණ වේ.

නිහාල් තල්දූව මහතා ඒ පිලිබඳ දක්වූ අදහස් ,

“මිය ගිය සංඛ්‍යාව ගත්තොත් විශේෂයෙන්ම 1,733න් 540ක් පදිකයින්. ඒ වගේම යතුරුපැදිකරුවන් 543ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා රියදුරන්ගෙන් මෙවැනි ආකාරයට මාර්ගයේ ගමන් ගන්නා මේ අහිංසක මිනිසුන් පිළිබඳ අවදානය යොමුකරන්න කියලා. සමහර අවස්ථාවල පදිකයින්ගේ නොසැලකිල්ල නිසා මේ අනතුර සිදුවී තිබෙනවා. ඒ නිසා පදිකයින් වශයෙන් ඔබ මාර්ගයේ ගමන් කරනකොට අවධානයෙන් කටයුතු කරන්න.”

අද (07) දින මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ බව සඳහන් කළේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...