අපේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනීමයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජන්ද ප්‍රමාණය කෙසේ වෙතත් මේ මොහොත වන විට වත්මන් ජනාධිපතිවරයාට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවත් සෙසු කොටස් සීසීකඩ විසිවී ඇති බවත් මේ අමාරු අවස්ථාවේ වුවත් සියලු දෙනා එකට එකතු විය යුතු බවත් කවුරු අසුබවාදී අදහස් ඉදිරිපත් කළත් සුබවාදීව බැලිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ජනාධිපතිවරණය පරාජයට පත් වුවත් පසුබැමට ලක් වුවත් ඒ හරහා පාඩම් ඉගෙන ගෙන ඉදිරියට යා යුතු බවත් තමා ඉන්දීය විදේශ ඇමතිවරයා මුණ ගැසුනු අවස්ථාවේ ජනාධිපතිවරණයේ දී ජය පරාජයවුවත් සියලු දෙනාගේ අරමුණ රට දිනවිම නිසා අප රටට උදව් කරන ලෙස ඉල්ලා සිටි බවත් මේ මොහොතේ ණය ගෙවාගත නොහැකි බවත් අපේ රටේ ලක්ෂ 220 ජනතාව දුක්විදින නිසා ජනතාව නැවත නගා සිටුවා රට ගොඩගත යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම තරුණයන්ට දරුවන්ට කාන්තාවන්ට ජ්‍යෙෂ්ඨ පුරවැසි ආදි සියලු දෙනා රකින තැනට යා යුතු බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය පළමුවත් දෙවනුවත් තෙවනුවත් රට රැක ගැනිම හා ආරක්ෂා කර ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කඩුවෙලදී සමගි ජන බලවේග පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවකදීය.

පාර්ලිමේන්තු බලය සමගි ජන බලවේගයට ලැබුණු පසු හොද ගමනක් යා හැකි බවත් ජනතාවට හතුරුකම් කර එදිරිවාදිකම් කිරිමට තමාට පුරුදු නැති නිසා රට ගොඩනගන ගමනට නායකත්වය ලබා දිය යුතු බවත් 2028 වන විට ණය ගෙවීමේ ක්‍රියාවලිය ආරම්භ වන නිසා එයට සුදානම් විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ සඳහා ජන ජීවිත ශක්තිමත්.වී ආර්ථිකය වර්ධනය වී නව ව්‍යවසායකයන් බිහි කළ යුතු බවත් මේ සදහා නිසි දර්ශනයක් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සදහා සුදුසු කණ්ඩායම සිටින්නේ සමගි ජන බලවේගයේ බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති හමු වූ අභිනව පොලිස්පති!

රෂිකා හෙන්නායක අගෝස්තු 15 කොලඹ LNW: අද (15) පස්වරුවේ ජනාධිපති...

පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් කොළඹදී විරෝධතාවක්!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස වෙනුවෙන් අදත් (15) කොළඹදී විරෝධතාවක්...

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...