අසුබ දිනක ලියන සුබපැතුම් සටහනක් ….

Date:

උතුරේ ජනයාට ඔවුන්ගේම වු නිදහස් රාජ්‍යයක් තුල ජීවත්වීමට ඉඩ දිය යුතු බව මගේ පුද්ගලික මතයයි… මහින්දගේ පෙර මතයද එයම බව අපි දනිමු.. නමුත් පසුව බලදේශපාලන උපායමාර්ගයක් ලෙස ඔහු යුධවාදී ජනප්‍රියවාදයට පීල්ල මාරු කළේය …

අප කැමති උනත් නැතත් ලංකාවේ සිංහල බෞද්ධ මහාවංශ ඉතිහාසකරනයේ ඉදිරි පිටු තුල මහින්දට විශාල පරිච්ඡේදයක් හිමිවීම දැන් සිදුවී අහවරයි.. තිස් අවුරුදු යුද්ධය ගැන එය අවසන් කල දකුණේ පාලකයා ගැන තව වසර දහස්ගානකට නොමැකෙන් සේ ඒ ඉතිහාසය දැන් ලියවී අවසන්..

ඒ සමඟම බලය අපහරණය, පවුල් වාදය,වංචා දූෂණ ඉහවහායෑම නිසා ජනතාව මාළිගාවටම ගොස් පන්නා දැමූ පාලකයා ලෙසද ඒ ඉතිහාස පොතට අතුරු ලේඛනයක් ඇමිනෙනු ඇත..

බලයට ඒමට පෙර ඔහු මහින්ද අයියා නම් විය..බලයෙන් ආඩ්‍යවූ පසු ඔහු මහරජ විය.. අනූව වර්ශයේ මුල භාගයේ ඔහු ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගියේය.. ඔහු බලයට පත්වූ පසු රටේ කොටසක් ඔහුට එරෙහිව මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා ගියේය..

බලය හමුවේ මිනිසුන්ට දුර නොපෙනීමත් ළඟ ළඟ කෙළවාගැනීමත් මහින්ද අයියාට පමණක් නොව කොයි අයියාටත් පොදු ධර්මතාවයකි..

පමාවී හෝ ඔහු ගත් නිවැරැදි තීරණයට අපි ඔහුට සුබපතමු ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථික වර්ධනය ගැන මහ බැංකුවෙන් අනාවරණයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: 2025 වසරේදී 4.5%කින් පමණ...

යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ජා සඳහා පුටින් හමුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඇලස්කාව බලා පියාසර කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්...

ක්‍රීඩාවේ උන්නතියට ජනපතිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: අද (15) පෙරවරුවේ, තරුණ...

කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරිඳ ඇතුළු 08ක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය...