හිස්බුල්ලා සංවිධානයේ හයිෆා ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලය බීරූට් වෙත ප්‍රබල ප්‍රහාර එල්ල කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ඔක්තෝබර් 08; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලෙබනන්හි සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය ඊයේ(07)දිනයේදී ඊශ්‍රායලයේ හයිෆා වරාය නගරය ආසන්නයේ උතුරු ඊශ්‍රායලයේ හමුදා ඉලක්ක වෙත රොකට් ප්‍රහාර 135කට වැඩි ප්‍රමාණයක් දියත් කර ඇති බව වාර්තා වේ.

හයිෆා වෙත එල්ල වූ මූලික ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ඊශ්‍රායලය සහ හිස්බුල්ලා අතර ගැටුම් වලින් අනතුරුව වරාය නගරයට පහර දුන් පළමු අවස්ථාව මෙයයි.

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායල් හමුදාව දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ස්ථාන වෙත ප්‍රහාර 120ක් එල්ල කර ඇති අතර ලෙබනනයේ නිල ජාතික පුවත් ඒජන්සිය (NNA)ට වනුව, ඊශ්‍රායල් හමුදාව බේරූට් ගුවන් තොටුපළට යන ප්‍රධාන අධිවේගී මාර්ගය, ඉන්ධන පිරවුම්හලක් සහ වෛද්‍ය සැපයුම් සඳහා ගබඩාවක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කර තිබේ.

පසුගිය සතියේ ඊශ්‍රායලය විසින් ලෙබනනය සහ සිරියාව අතර ප්‍රධාන දේශසීමා හරස් මාර්ග විනාශ කිරීමත් සමඟ සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන කරා පලා යාමට බාධාවක් ඇතිව ඇති අතර උග්‍රවන ප්‍රචණ්ඩත්වය ලෙබනන් පුරවැසියන් සහ ලෙබනනයේ සිරියානු සරණාගතයින් යන දෙකම සමූහ වශයෙන් දේශසීමා තරණය කිරීමට තල්ලු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනපති අනුරගෙන් පාකිස්තාන අගමැතිට තුති!

රෂිකා හෙන්නායක පෙබරවාරි 19, කොළඹ LNW : විස්සයි විස්ස ලෝක...

Bad Bunnyට එල්ල වන මඩ ප්‍රහාර වලින් මතුවන පොදු සමාජ කතිකාවත!

සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ): මෑත සතිවලදී, සමාජ...

අණ නොතකා ධාවනය කිරීම : පොලිස් වෙඩි ප්‍රහාරයකින් 17 හැවිරිදි තරුණයකු මරුට

පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය එල්ල...

කලකට පෙර ෂර්ලොක් හෝම්ස්ලා හෙට අලිබබා සහ හොරු හතළිහ වෙයිද ?

මාළිමා ආන්ඩුවේ හොරු අල්ලන ප්‍රොජෙක්ට් එක නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට...