වසරේ බදු ආදායම් ඉලක්කයට යා හැකි වෙයිද?

Date:

කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2024 සැප්තැම්බර් 30 වන විට රුපියල්බිලියන 1,417 ක බදු ආදායමක් උපයා ඇති අතර එය වාර්ෂික ආදායම් ඉලක්කයෙන් 70%ක් බව එම දෙපාර්තමේන්තුව පවසයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසරේදී රුපියල් බිලියන 2,024 ක බදු ආදායම් ඉලක්කයක් ලබා දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය සඳහන් කරන්නේ අයකර ගැනීමේ ප්‍රගතිය ප්‍රශංසනීය වුවත්, ස්වයං තක්සේරු ගෙවීමේ ක්‍රමය යටතේ ඇතැම් බදු ගෙවන්නන් විසින් ගෙවිය යුතු හිඟ බදු තවමත් පවතින බවයි.

ගෙවිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීම සහතික කිරීම සඳහා දෙපාර්තමේන්තුව මෙම බදු ගෙවන්නන්ගේ පරිශ්‍රවල සංචාරයක නිරත වන බව ද ඇය සඳහන් කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා...

කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය...

ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්...

කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...