යළිත් පිල් මාරුවක්!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ (LNW):

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති භාරත් රුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක් වී තිබෙන බව වාර්තා වේ.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක සහ උප සභාපති වශයෙන් කටයුතු කළ භාරත් අරුල්සාමි මහතා දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා සභාපති වශයෙන් කටයුතු කරන ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වී ඇත.

භාරත් අරුල්සාමි මහතා මානව සම්පත් භාරයේ සභාපතිවරයා වශයෙන්ද කටයුතු කර ඇත.

අතලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු පා.ම දිවන්ගත එස්.අරුල්සාමි මහතාගේ පුත්‍රයාද වේ.

ප්‍රජාතන්ත්‍රවාදි ජනතා පෙරමුණ සමග එක් වූ භාරත් අරුල්සාමි මහතා දමිළ ප්‍රගතිශීලී සන්ධානය යටතේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා භාර දීමට නියමිත බවද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...

උසාවියේ විදුලි බලය ඇනහිටීම නිසා රනිල්ගේ ඇප තීන්දුව තවදුරටත් ප්‍රමාද වෙයි ! (VIDEO)

අත් අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇප...