දෛනිකව ලැබෙන පැමිණිලි එදිනම විභාග කිරීමට සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දීමක්!

Date:

කොළඹ LNW:පොලිස් ස්ථාන වෙත සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම හා පොලිසිය කෙරෙහි මහජනතාවගේ විශ්වාසය පළුදු වීම වැනි අගතිදායක තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා මින් ඉදිරියට පොලිස් ස්ථාන වෙත වාර්තා වන පැමිණිලි වාර්තා වූ දිනයේම විභාග කිරිම ආරම්භ කිරීමටත් පැය 48 ක් ඇතුළත විභාග අවසන් කිරීමටත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබේ.

පොලිස් ස්ථාන වෙත වාර්තා වන විවිධ පැමිණිලි නොපමාව විභාග කිරීමට හා මෙතෙක් විභාග අවසන් නොවූ පැමිණිලි සති දෙකක් ඇතුළත විභාග කර අවසන් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවටයි වැඩබලන පොලිස්පතිවරයා සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්,කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සහ දිස්ත්‍රික් භාර නිලධාරීන් මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...