බස් ටිකට් එකත් කාඩ් එකෙන් ගෙවන්න අවස්ථාව!

Date:

කොළඹ LNW: ටිකට්පත් නිකුත් කිරීමේ යන්ත්‍ර සහිත බස් රථවල බැංකු කාඩ්පත් භාවිතයෙන් මගීන්ට බස් ගාස්තු ගෙවීමේ හැකියාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවේ එම පහසුකම 2025 නොවැම්බර් 30 වන දින සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

“බස් ටිකට් එකෙන් මාටියා ගහනවා කියන එක ප්‍රසිද්ධ කාරණයක්. ලංකාවේ බස් කර්මාන්තය කරන්න බැරි එකට ප්‍රධාන හේතුවක් ඒක. කිසිම ආදායමක් ගන්න බැහැ ව්‍යාපාරිකයාට. ඒ නිසා අපට ලොකු ඉල්ලීමක් තිබුණා පෞද්ගලික බස් සංගම්වල අපට කාඩ් පේමන්ට් සිස්ටම් එකක් හදන්න කියල. ගොඩක් අය වටේ ගිහිල්ලා තිබුණා වෙනම ට්‍රාන්පෝට් කාඩ් හදන්න. ඒක කරදරකාර වැඩක්, ඒක පරණ වැඩක්. අපි ඒ නිසා බලාපොරොත්තු වෙනවා නොවැම්බර් 30 වෙනකොට අපට ඩිජිටල් අමාත්‍යාංශය සහතිකයක් දීලා තියෙනවා ලංකාවේ දැනට බස් ටිකට් මැෂින් තියෙන බස් එකක ඕනෑම මගියෙක්ට පුළුවන් තමන්ගේ තියෙන ලංකාවේ භාවිතා කරන ඕනෑම බැංකු කාඩ් එකක් භාවිතා කරලා ටිකට් එක ගෙවන්න.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැඹුරු පීඩන අවපාතය සුළිකුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් – කාලගුණයෙන් රතු නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක...

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...