හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අත්අඩංගුවට පත්ව ඇත්තේ මීට පෙර හානිපූර්ණ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කර ඇති අතර එම කාලයේ ඇය විසින් දූෂණය හා පොදු දේපොළ පනත යටතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනා මතය.

එවකට ඇය විසින් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිපියක් යොමුකරමින් මනෝජි හේමලාල් ඒකනායක යන අයට මූල්‍ය සහනය ලබාදීමට එකඟතාව ඉල්ලා ලබාගෙන අදාළ වන්දි මුදල වන රු.අසූ අට ලක්ෂ පනස්දහසක මුදලක් ගෙවීමට අනුමැතිය ලබා දී තිබේ.

එමඟින් ඇය හානිපූරණය පිළිබඳ කාර්යාලයේ නිලධාරීන් පෙළඹවීමෙන් දුෂණය නමැති වරද හා පොදු දේපල පනතේ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබල දීම යන චෝදනාව එල්ල වී ඇත.

අත්අඩංගුවට පත්වූ සැකකාර කාන්තාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කල්පිටිය මුදුදෙන් මතු වූ අයිස්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඊයේ  (5) රාත්‍රියේ...

බංගලාදේශයේදී කළ රාජකීය හැරවුම

නිශ්මං රණසිංහ දෙසැම්බර් 06, කොළඹ LNW: බංගලාදේශයේ සංචාරයක යෙදෙන ශ්‍රී...

හදිසි ආපදාවෙන් විදුලි පාරිභෝගිකයින් ලක්ෂ 39කට බලපෑම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 06, කොළඹ LNW : ඉකුත් දා...

විදේශ සංචිත පහළට !

නොවැම්බර් මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත...