පොල් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක්!

0
106

කොළඹ LNW: දෛනික පොල් පරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම ඉලක්ක කර ගනිමින් පොල් වගාව ප්‍රවර්ධනය ක්‍රීම සඳහා ග්‍රාමීය සංවධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශය සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය අතර ඒකාබද්ධ ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (08) දින වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදුකෙරුණි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යංශය මගින් දිළිදුබව අවම කිරීම උදෙසාත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය මගින් පොල් වගාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණිනුත් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලින්ගම් ප්‍රදීප් මහතාත් සහභාගිවූ අතර වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා යන දෙපල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු කරනු ලැබීය.

ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවේදී වැවිලි සහ යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා මාධ්‍යට අදහස් දක්වමින්, ”අප අමාත්‍යංශ දෙකක් එක්ව කටයුතු කරන්නේ ජාතික ඉලක්ක සපුරා ගැනීමටයි. පොල් අක්කර එකලොස් ලක්ෂයකට අසන්න ප්‍රමාණයක් වගා කළත් පරිභෝජනයට ප්‍රමාණවත් නැහැ. ඉතිහාසයේ තේ, පොල්, රබර් වගාවන් බිදවැටිලා. වාර්තා වලට අනුව වාර්ෂිකව පරිභෝජනයට පොල් ගෙඩි මිලියන 3000 ක් අවශ්‍ය වුවත් පසුගිය වසරේ පලදාව ලැබුණේ ගෙඩි මිලියන 2754 ක ප්‍රමාණයක්. පොල් අපනයනය කිරීමෙන් ඩොලර් මිලියන 855 ආදායමක් ලැබුවා. කර්මාන්ත සදහා පොල් ප්‍රමාණවත් නොවු නිසා ආනයනය කිරීමටත් සිදුවුවා. මේ තත්ත්වය වෙනස් කිරීමට උතුරු පොල් ත්‍රිකෝණය ලෝක පොල් දිනය නිමිත කරගෙන ආරම්භ කරනු ලැබුවා. අක්කර 16000 ක පොල් පොල් පැල ලක්ෂ දහයක්ද උතුරින් පිට අක්කර 20000 ක පොල් පැල සිටවීමට සැලසුම් කර තිබෙනවා. ඊට අමතරව කුඩා පරිමාණ, මධ්‍ය පරිමාණ, ග්‍රාමීය ජනතාව, ඉලක්ක කර ගිනිමින් වගා කටයුත ආරම්භ කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල් බිම් මට්ටමින් තෝරා ගෙන පොල් පැල දෙක බැගින් ලබාදී පරිභොජණයට අවශ්‍ය පොල් වගා කිරීම අපේ අරමුණයි. ඒ සදහා අවශ්‍ය උපදෙස් තාක්ෂණය අපේ අමාත්‍යංශය මගින් සිදුකරනවා. ඒ විතරක් නොවේ, අක්කර භාගය සහ අක්කරය වගේ ඉඩ ප්‍රමාණයක වගා කිරීමටත් සහන මිල ක්‍රමය යටතේ පැල ලබාදීමට කටයුතු කරනවා. බදුන් පැලයක් රුපියල් 250 කටත් බිම් පැල රුපියල් 150 කටත් ලබාදීමටයි සැලසුම් වසර වන විට පොල් ගෙඩි මිලියන 4200 ඉක්මවා ලීමට ඉලක්කය වී තිබෙනවා.” ඒ සදහා පෞද්ගලික අංශය මැදිහත් කර ගැනීමට නියමිත බව අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසීය.

මධ්‍යට අදහස් දැක්වු ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා, ”රටේ ජාතික ආර්ථිකය ගොඩ නැංවීමේදී වෙන් වෙන් අමාත්‍යංශ වුවත් අප ඒකාබද්ධව වැඩ කළ යුතු වැඩසටහනක් ලෙස මෙම පොල් වගා වැඩසටහන හදුන්වන්නට පුළුවන්. ඒ් සදහායි අප මේ අවබෝධතා ගිවිසුම අත්සන් කරන්නේ. අපේ අරමුණ දිළිදු බව තුරන් කිරීම, වැවිලි අමාත්‍යංශයේ අරමුණ වැවිලි ප්‍රවර්ධනය. අරමුණු දෙක සමපාත වන අවස්ථාවක්. පොල් ගසකින් ලැබෙන ගෙඩි හැටක ඵලදාව ගෙඩි 100 දක්වා වැඩි කිරිම අපේ අරමුණයි. නිසි සාත්තුව පොහොර වැවිලි අමාත්‍යංශය මගින් ලබාදීමට නියමිතයි. අපි බලාපොරොත්තු වන්නේ පවුලක පොල් සදහා යන වියදම් අවම කරලා ග්‍රාමීය දිළිදු පිටුදැකීමටයි.” සාමාන්‍යයෙන් පවුලකට පොල් ගස් දෙකක් ප්‍රමාණවත් යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශ දෙකෙහි අතිරේක ලේකම්වරුන් සමගින් කාර්ය මණ්ඩල නිලධාරීන් පිරිසක් සහභාගිවිය.