භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුර අලුත් වෙයි!

0
1943

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08 කොළඹ LNW :

ශ්‍රී ලංකා ඝණකාධිකාර සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ.එන්. හපුගල මහතා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඒ, එම තනතුරේ සේවය කළ එච්.සී.ඩී.එල්. සිල්වා මහතා වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත ඉකුත් 06 වන දින සිට විශ්‍රාම යාම හේතුවෙන්. එම තනතුරට අලුතින් පත් කෙරුණු එච්.සී.ඩී.එල්. සිල්වා මහතා දැනට භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කරනු ලබයි.

එම පත් කිරීමට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වේ.