*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

ආසියාව ජයගන්න කුවේට් යන අපේ ගැටව්

අවුරුදු 18 න් පහළ ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලිය ඕතෝම්බර් 13 සිට 16 දක්වා කුවේට් හී දි පැවත්වේ.ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබා සිටින මතු අනාගත බලාපොරොත්තු සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණය අටකි.මේ කණ්ඩායමට මොණරාගල දිස්ත්‍රික්කයෙන් ක්‍රීඩකයෙක් සහ ක්‍රීඩිකාවක් තේරි ඇති අතර ක්‍රීඩකයා උස පනින්නටය.ක්‍රීඩිකාව දුර පනින්නටය.

දුර පනින ක්‍රීඩිකාව පුහුණුවීම් ලබන්නේ ක්‍රීෂාන්ත කුමාර යටතේය.ඇය නන්පුරාව මහා විදුහලේ ඉගෙනුම ලබන්නීය.උස පනින ක්‍රීඩකයා බෝදාගම විද්‍යාලයේ ඉගෙනුම ලබන දෙනෙත් අනුහස්ය.නිලූකා සේනාරත්න ප්‍රමුඛව ඔහු පුහුණු කරන අතර කළණ විජයසෝම ද මෑථක සිට නව පත්වීමත් සමඟ,පුහුණුකාරී ඇයට මහත් දිරියක් දෙන්නේය.

මෙවර පැනීම් ඉසව් සඳහා ඉදිරිපත්වන ප්‍රමාණය පහකි.ඒ අතරට කණ්ඩායමට එකතු වී සිටින ක්‍රීඩිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම පනින්නියන්ය.උස පනින සිතුලි සදිත්‍යා නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයේ ය.ඇයගේ පුහුණුකරු නිපුණ නිර්මාල් ය.උස පනින ලසඳු අර්ථවිදු ද කොළඹ ය.ඔහු කොළඹ ඩී.එස්.සේනානායකයේ ඉගෙනුම ලබනිනේය.ඔහුගේ පුහුණුකරු ගීත් සතුරුසිංහ ය.කොළඹට ආසන්න පානදුරේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ රස්වින් සංජය කරීම් සහභාගි වන්නේ දුර පැනිමටය.ඔහුගේ පුහුණුකරු නයන ප්‍රසාද් ය.

කොළඹට ආසන්න කරිම් ට අමතරව කොළඹින්ම තරගාවලියට සහභාගිවන ප්‍රවීන් සැලමුතු ජයතිලක තර්ස්ටන් විද්‍යාලයේ සිසුවෙකි.ඔහුගේ පුහුණුකරු වන්නේ අසංක රාජකරුණාය.සුනේත්‍රා කරුණානායක යටතේ පුහුණුව ලබන අවිශ්ක තේමින්ද රාජපක්ෂ කුරුණෑගල ස්ර් ජෝන් කොතලාවල විද්‍යාලයේය.ලසඳු සහ දෙනෙත් උස පැනීමට සහභාගි වන අයුරෙන්ම සැලමුතු සහ තේමින්ද ද එකම ඉසව්වක දී හමුවෙයි.ඒ මීටර් 400 ධාවන තරගයේදීය.

ධාවන තරග සඳහා මුලින්ම සුදුසුකම් සපුරා ගත් කසුනි නිර්මාලී වික්‍රමසිංහ මෙම තරගාවලියේ කාන්තා අංශයෙන් ධාවන තරගයකට සහභාගි වන එකම තරගකාරිය ය.ඇය මීටර් 800 සඳහා සහභාගි වෙයි.ඇය ගම්පොළ වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබන්නීය.ඇයගේ පුහුණුකරු වන්නේ බුද්ධික නුවන් මධුශංකය.
තරගාවලිය ආරම්භවන 13 දා අවිශ්ක තේමින්ද සහ ප්‍රවින් සැලමුතු මීටර් 400 තරගය සඳහා එකතු වන අතර එහි මූලික තරග පැවත්වෙන්නේ පෙරවරු 10.50 ට ය.එහි අවසාන පූර්ව තරගඅවසාන තරග පැවත්වෙන්නේ 14 දා පස්වරු 5.40 ට ය.13 දා දුර පැනීම තරගයට සහභාගි වන නෙත්මිකා මධුශානි ද පස්වරු 5.10 ට තරගයට ඉදිරිපත් වන්නේය.14 දා පස්වරු 5.10 ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිතුලි සාදිත්‍යා උස පැනීමේ තරගයට ඉදිරිපත් වන්නේය.

ඔක්තෝම්බර් 15 දා උස පැනීමේ පිරිමි තරගයට සහභාගි වන දෙනෙත් අනුහස් සහ ලසඳු අර්ථවිදු පස්වරු 5.35 ට උස පැනීමේ තරගයට එක් වන්නේය.එසේම ශ්‍රී ලංකාව නියෝජනය කරන කසුනි නිර්මාලි තරග බිමට පිවිසෙන්නේද ද 15 දා ය.ඇය සහභාගි වන මිටර් 800 තරගයේ උදෑසන 9.05 ට පැවත්වෙන අතර රහි අවසාන තරගය පැවත්වෙන අවස්ථාව තරග කාල සටහනට එක් කර නැතත්,මූලික තරගය අවසාන තරගයක් නොවුණහොත් එම ඉසව්වේ අවසාන තරගය පස්වරු 6.50 – 7.00 අතර කාලයේදි පැවත්වෙන්නට ඉඩ ඇත.
තරගාවලිය නිමාවන ඔක්තෝම්බර් 16 වන දා දුර පැනීමේ ක්‍රීඩක රස්වින් කරීම් තරග බිමට පිවිසෙන අතර ඔහුගේ තරගය පැවත්වෙන්නේ පස්වරු 5.00 ට ය.මෙම වේලාවන් ගැන අවධානය යොමු කරද්දී ශ්‍රී ලංකාවේ වේලාව කුවේට් වේලාවට පැය දෙක හමාරක් ඉදිරියෙන් සිටින බව ද සිහිපත් කරන්නේ මාර්ගගත ක්‍රමයට තොරතුරු ලබා ගැනීමට උත්සාහ කරන අයගේ ප්‍රයෝජනය පිණිසය.

වරක් බහරේනයේ සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මේ ලියුම්කරු කරන ලද මැදිහත්වීමක් මත එහි සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව එම කණ්ඩායමට බහරේන් ඩිනාර් එකතු කර පාවහන්ද,එවකට ඉතා කුඩා වියේ සිට එම තරගයේ දක්ෂතා දැක්වී නිමාලි ලියනාරච්චිට අමතර මුදල් ත්‍යාගයක්ද පිරිනැමීය.ඒ ආකාරයට මේ වන විටත් කුවේට් හිතවතුන් සහ සමාජ මාධ්‍ය සමූහයන්ට යම් යම් ඉල්ලීම් කර තිබෙන අතර මෙහි අති දුෂ්කර පළාත්වලින් පැමිණ ක්‍රීඩාව කරගෙන යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද එකතු වී සිටින බැවින් ඔවුන්ට එම කණ්ඩායමට සහයෝගය දැක්වන ලෙස ද ඉල්ලීමක් කරමි.

එසේම ආසියාවේ 400 වැඩි තරුණ ගැටව් සමඟ කරට කර තරග වදින්නට සහ ජයග්‍රහණය සොයා යන්නට ශ්‍රී ලංකා ගැටවරයන්ට කුවේට් හී සිටින ලක්ෂ ගණනක ශ්‍රී ලාංකික ජනතාව දක්වන සහයෝගයද අතිශයින් වැදගත් වන අතර හැකි සෑම විටකට තරග නැරඹිමට සහභාගි වෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීම අතිශයින් වැදගත් වනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan