*
Monday, November 25, 2024
spot_img

Latest Posts

“හොරාකාපු සල්ලි දියව්” යනු යථාර්ථයක්ද ? මනඃකල්පිතයක්ද ?

ලාංකීය සමාජය තමන්ගේ ඓතිහාසික අසමත් බව වහගන්ට එක මොහොතකදී හොයාගත්ත ව්‍යාජ හේතුවක් තමා ප්‍රභාකරන් කියන්නෙ. ප්‍රභාකරන් කියන මිනිස් භෞතිකය නන්දිකඩාල් වලදි ඉවරකරල දැම්මට පස්සෙ ඊළඟට ස්වකීය අසමත් බව වහගන්ට හදාගත්ත ව්‍යාජ හේතුව උනේ ඉස්ලාම් ව්‍යාප්තවාදය. අවසානයේදී ඒකත් ව්‍යාජයක් පමණයි කියල දිනපතා එළිවෙන්ට ගත්තට පස්සෙ ඊළගට ජාතියට විකසිත වෙන්ට බැරි හේතුව විදියට හම්බවෙන්නෙ රාජපක්ෂලා හොරාකාපු මුදල් කන්දරාව..

විටෙක ප්‍රභාකරන් මරා දමා ජාතියේ සාරය විකසිත කරවීමට ඉතිහාසයෙන් පැමිණි ගිරුවාපත්තුවේ දියසෙන්වරුම මේ මොහොතේ ජාතියේ සාරය කොල්ල කෑමට පැමිණි අලි බබා සහ හොරු හතලිහ ලෙස දෘෂ්‍යමාන වන්නේ කෙසේද….?

මේක මෙහෙම වෙන්ට හේතුව කුඩාකල පටන්ම අපගේ ඔළුවලට දමා ඇත්තේ සිංහලයන් යනු සුවිශේෂී පෞඩ ඓතිහාසික ජනවර්ගයක් ලෙසය. ජාතියක් විදියටම අපි ජීවත්වන්නේද එකී උද්දච්ච ෆැන්ටාස්මැතිකය තුලය.

එහිදී එකී ප්‍රෞඩ උත්තුංග ජාතිය ගරාවැටුණු ජාතියක් වීමට හේතු කාරකවූ ව්‍යාජ සතුරෙක් සොයාගත යුතුමය. මන්ද, එවන් සතුරෙකු නොමැතිවූ විට අපට අපගේම අසමත් යථාර්ථය සම්මුඛවේ..

ලාංකීය නූතන අර්බූදය යනු ප්‍රභාකරන් නිසා හෝ මහින්ද හොරාකාපු සල්ලි නිසා හෝ බටහිර බලවේග විසින් අතීත සාරය අහිමිකිරීම නිසා හෝ ඇතිවූ දෙයක් නොව නූතන යුගයට ගැලපෙන පරිදි ගෝලීය දර්ශනයක් සහ ආර්ථික මාවතක් නිර්මාණය කරගැනීමට නොහැකිවූ නිසා ඇතිවූ තත්වයකි. මෙහිදී ප්‍රභාකරන් , සහරාන්, මහින්ද යනු අපගේම අසාර්ථකත්වය හේතුවෙන් අතර මගදී සම්මුඛවු හුදෙකලා පුත්ගල ප්‍රපංච පමණි ..

මේ යුගයේ නිශ්පාදන ක්‍රියාවලිය යනු ගෝලීය සන්තිතියකි. විසිවන සියවසේ සිදුවූ නිශ්පාදන බලවේගවල ලෝක පරිමාණ වර්ධනය විසින් ජාතික රාජ්‍යයයේ ආර්ථික සීමාව පුපුරුවා හැරින. මේ තත්වය තුල අතේ දුරට කෙරෙන ගනුදෙනු හා ජාතික පරිමාණ ආයෝජ සහ නිශ්පාදනයන් අවලංගු ප්‍රපංචයන් බවට පත්වින.

උදාහරණයක් ලෙස ලංකාවේ වී වගාව ගතහොත් ලංකාව තුල සහල් කිලෝවක් නිශ්පාදනය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් දෙසීයක් පමණ මුදලක් වැයවේ. සහල් පිටින් ගෙන්වන්නේ නම් කිලෝවක් සඳහා වැය වන්නේ ඊට අඩු පිරිවැයකි. ඒ අනුව ලංකාව තුල නිපදවන සෑම සහල් කිලෝවකින්ම ජාතික ණය බර වැඩිවේ…

ගණනය කල නොහැකි අඛණ්ඩ අයවැය සෘණ අතිරික්තයේ මූලය ඇත්තේ වෙන කොහේවත් නොව මේ ඊනියා ස්වයංපෝෂිත දූපත්වාදී දෘෂඨිවාදයේමය.

ප්‍රාග්ධනයේ සංකීර්ණ ක්‍රියාවලිය නොහඳුනන ස්ටාලින්වාදී ව්‍යාපාරවලට සහ ජාතිකවාදීන්ට අනුව රාජපක්ෂලා හොරා කෑ මුදල් ආපසු ගෙන රට ගොඩනැගිය හැකිය. නමුත් සත්‍ය ලෝකය තුලදී එය මන්ද මානසික විකාරයක් පමණි..

අනික් පැත්තෙන් නිදහසෙන් පසු හැත්තෑවසරක් තිස්සේ රාජ්‍ය ආයතන නඩත්තුවට හැලූ නිශ්පල ධනස්කන්ධයට සාපේක්ෂව රාජපක්ෂලා හොරා කෑ මුදල දසම බින්දුවයි බින්දුවයි එකකටත් අඩුය. රට හමුවේ ඇති මහා ණය කන්දේ විශාල පදාසයක ඇත්තේ රටට ඔරොත්තු නොදෙන අංගවිකල රාජ්‍ය අංශය නඩත්තු කිරීමේ බරයි. ඵලදායී නොවන රාජ්‍ය අංශයේ එක මසක වැටුප සඳහා පමණක් රැපියල් බිලියන 93ක් පමණ අවශ්‍යවේ.

අනික් අතට පාලකයින්ට හා නිලධාරීන්ට මේ ජාතික ධනය හොරා කෑ හැක්කේද රාජ්‍ය ව්‍යවසායකත්ව හොරගුල් තුලදී පමණය. බැලූ බැල්මට මේ රාජ්‍ය අංශය දුප්පත් ජනතාව උදෙසා වන සුබසාධන ව්‍යාපෘතියක් ලෙස පෙනෙතත් ඇත්තෙන්ම මෙහි සුබසාධනය ලැබී ඇත්තේ ජනතාවට නොව එක්තරා නිලධාරීවාදී පන්තියක් නඩත්තු කිරීම සඳහාය.

විදේශ විනිමය වියදම් කරමින් අති සුඛෝපභෝගි දිවියක් නඩත්තු කරන ඒත් කිසිදු විදේශ විනිමයක් නූපදවන චැනල් වෛද්‍යවරයෙකුගේ B.M.W.මෝටර් රථයක් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් විනිමය සෙවීමට මැදපෙරදිග යන දුප්පත් කාන්තාවක් වසර ගණනාවක් එහි වහල් වෘතය ගෙවිය යුතුබව කියැවේ.

මහ රෝහල්වල අසාධ්‍ය රෝගීන් ඇඳන් නොමැතිව පැදුරු කෑලිවල රෝහල් අගුපිල්වල නිදද්දි වෛද්‍ය වරුන්ගේ රෝහල් රථ ගාල් වෙනුවෙන් කෝටි ගනන් වැයවේ. ඇදන්වලට නැති ප්‍රතිපාදන රථගාල් වලට ලැබෙන්නේ කෙසේද..? ඖෂධ නොමැතිව රෝහල් වැසීගියද වෘතීය දීමනා කප්පාදුවන්නේ නැත..

දෙසීය පනහකට අධික මෙවන් රාජ්‍ය ආයතන ගොන්නක් විසින් රටේ ආර්ථිකයට කල ව්‍යාසනය මෙතෙකැයි කිව නොහැක. රටේ පාලකයන් විසින් වසර හැත්තෑ ගානක් තිස්සෙ සුබ සාධනය මත සදාකාලිකව යැපෙන මිනිසුන්ව හැදුවා මිසක ශක්තිමත් ආර්ථිකයක් සහිතව ස්වාධීනව ජීවත්විය හැකි ප්‍රජාවක් නිර්මාණය නොකිරීමේ ප්‍රතිවිපාක අද අපි අත් විඳිමු.

මේ මොහොතේ සිට හෝ අප කල යුත්තේ ඊනියා නිදහස් අධ්‍යාපනයේ රාජ්‍ය අංශයට රොබෝ නිලධාරීන් සප්ලයි කරන අධ්‍යාපන ක්‍රමය අත් හිටුවා ගෝලීය ශ්‍රම වෙලඳපොල කරා යාහැකි ශ්‍රමිකයන් පුහුණු කිරීමේ අධ්‍යාපන ක්‍රමයකට යොමු වීමය..

එසේම ගෝලීය ආයෝජකයන්ට දොර හරිමින් මහා ප්‍රාග්ධනය ලංකාව තුලට කැඳවාගැනීමට අවශ්‍ය වටපිටාවක් සකස්කර ගැනීම දෙසට යොමු වීමය..

ගෝලීය ආයෝජන වූකලී රට ගිලගැනීමට පැමිනෙන අධිරාජ්‍යවදී බිල්ලන් ලෙස දකින වල්බූරු ජාතික සමාජවාදී ගෝත්‍රික මතවාද වලින් දැන්වත් මිදිය යුතුය..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan